
රුසියානු හමුදාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් ආරම්භ කරමින්, නැගෙනහිර යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති පළාත් කීපයක් සහ ගම්මාන දෙකක් යළි අත්පත් කර ගැනීමට හැකිවුණු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
යුක්රේන හමුදාව මෙසේ එරට ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවලින් ලැබුණු අවි ආයුධ සහ යුද්ධෝපකරණ යොදා ගනිමිනි. ඇතැම් බටහිර රටවලින් යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා පවා ලැබී තිබේ.
රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට සහාය පළ කරන බව පෙන්වීමට, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පසුගියදා යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවිය. රුසියන් ඉලක්කවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ යැයි යුක්රේන ජනාධිපති එම අවස්ථාවේදී ටෲඩෝ හමුවේ පැවැසීය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් කීව් අගනුවරට ආ කැනඩා අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
කැනඩාව ද නේටෝ සාමාජිකයෙකි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ යනු ඇමෙරිකාව, කැනඩාව සහ සෙසු යුරෝපා රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයෙන් රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර මාලාවක්