බලශක්ති අර්බුදයකට මුහුණ දෙන බංග්ලාදේශයේ දිනකට පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුවෙයි. ඉදිරියේ දී විදුලි කප්පාදු කිරීමට සිදුවන පැය ගණන තවත් වැඩි වනු ඇතැයි බංග්ලාදේශ බලශක්ති ඇමැති නස්රුල් හමීද් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
බංග්ලාදේශයේ ජල, ගෑස් සහ ගල් අඟරු බලාගාර පවතී. ආර්ථික අර්බුයකට මුහුණ දෙන බැවින් ගල් අඟුරු ලබා ගැනීමේ ගැටලු පවතී.
ඊට අමතරව, අප්‍රේල් මාසයේ සිට පවතින දැඩි නියං කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාරවලින් නිසි පරිදි විදුලිය නිපදවීමක් සිදු නොවෙයි. බංග්ලාදේශය ‘මෝඛා’ සුළි කුණාටුවෙන් ද දරුණු ලෙස බැට කෑවේය.
සුළි කුණාටුව හේතුවෙන් විදුලි බලාගාරවලට ස්වභාවික වායු සැපයීම අඩපණ විය. විදුලි කප්පාදුවට හේතුව වී ඇත්තේ මෙයයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදුලි කප්පාදුවක්: බංග්ලාදේශය අඳුරේ