IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කැනඩාවේ ළැව් ගිනි දුම නෝර්වේ රාජ්‍යයට පැතිරිලා

කැනඩාවේ ළැව් ගිනිවලින් නැගෙන විෂ දුම, මේ වනවිට නෝර්වේ රාජ්‍යය තෙක් පැතිර ගොස් ඇතැයි, නෝර්වේ දේශගුණික, පාරිසරික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පවසති.

නෝර්වේ රාජ්‍යය ඇත්තේ කැනඩාවේ සිට කිලෝ මීටර් 5,850 ක් දුරින් යුරෝපා මහද්වීපයේ කෙළවරේය. ළැව් ගිනි දුමාරය නෝර්වේ වැසියන්ට පමණක් නොව, සෙසු යුරෝපා රටවල වැසියන්ට ද අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

මේ වනවිට, ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද කැනඩාවේ ළැව් ගිනිවලින් නැගෙන විෂ දුමාරය හේතුවෙනි. ඇමෙරිකාව සහ නිව්යෝක් නුවර ඇත්තේ කැනඩාවට පහළිනි.

කැනඩාවේ ළැව් ගිනි ආරම්භ වී මේ වනවිට මාසයකට වැඩි කාලයක් ගත වී ඇත. පාලනය කිරීමට අපහසු ළැව් ගිනි 150 ක් ප්‍රාන්ත කීපයක් පුරා පැතිරෙන බව කැනඩා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ළැව් ගිනි හේතුවෙන් කැනඩාවේ හෙක්ටයාර් මිලියන 3.8 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය සිදුවෙමින් පවතී. ළැව් ගිනි හේතුවෙන් නිවාස අහිමි වුණු වැසියන් ගණන 20,000 කට වැඩිය.

ජගත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කැනඩාවේ මෙසේ ළැව් ගිනි ව්‍යාප්ත වීමට හේතුව විපරිත කාලගුණ තත්ත්වයන් බවය.

විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට හේතුව දේශගුණික විපර්යාස බවත්, දේශගුණික විපර්යාස නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.



අදහස් (0)

කැනඩාවේ ළැව් ගිනි දුම නෝර්වේ රාජ්‍යයට පැතිරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site