සීල් සත්වයන් 2500 ක් මැරිලා සීල් සත්වයන් 2,500 දෙනකුගේ සිරුරු කැස්පියන් මුහුදට යොමු වුණු රුසියන් වෙරළ තීරයකින් හමුවී ඇත. 06 December 2022
ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද (05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඒ හේතුවෙන් තම රාජකාරි කටයුතු නිවසේ සිට හුදෙකලා වී සිදුකරන බව අග්‍රාමාත්‍ය ඇල්බනීස් පවසා ඇත. 05 December 2022
ඩෙප්ට එරෙහිව ඇම්බර් යළිත් නඩු මඟට තමන් මීට පෙර නඩුව වැරදි ප්‍රාන්තයේ ගොනුකරා යැයි පවසමින් හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ්, නැවත වරක් ඇයගේ හිටපු සැමියා වන හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබේ. 05 December 2022
ප්‍රංශ රෝහලකට සයිබර් ප්‍රහාරයක් ප්‍රංශයේ වාර්සේල් නගරයට නුදුරුනි පිහිටි රෝහලක සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් රෝහලේ පරිගණක පද්ධතිය අඩපණ විය. 05 December 2022
මුස්ලිම් පල්ලියකට කඩා වැදී 19 දෙනෙකු පැහැර ගනිති වයඹදිග නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක්, එහි සිටි බැතිමතුන් 19 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 05 December 2022
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ’ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ. 05 December 2022
චීන ජනපති සෞදියේ සංචාරයකට යනවා චීන ජනාධිපති ෂී ජින්පින් සෞදි අරාබියේ සංචාරයකට සූදානම් වෙයි. චීන ජනාධිපතිවරයා සෞදි සංචාරයකට පැමිණෙන්නේ සෞදියත් ඇමෙරිකාවත් අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 05 December 2022
ජර්මන් විදෙස් ඇමැතිනිය ඉන්දියාවේ සංචාරයක ජර්මන් විදේශ අමාත්‍ය ඇනාලේනා බෙර්බෝක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී. ජර්මන් විදේශ අමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි. 05 December 2022
සැප නැවක් සැඩ රළ පහරට හසුවෙලා සංචාරකයන් රැගත් සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් කුණාටුවක් මැදින් ගමන් කරද්දී, ප්රචණ්ඩ සැඩ රළ පහරකට හසුවුණු බවත් නැවේ සිටි එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තවත් සිවු දෙනෙකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. 04 December 2022
රජු වෙනුවෙන් කිරුළ වෙනස් කෙරෙනවා තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන්, දෙවැනි එලිසබත් මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි බකිංහැම් මාළිගාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුවය. 04 December 2022
ධුරයෙන් ඉවත් වෙන්නැයි ජනපතිට බලපෑම් වහා ධුරයෙන් ඉවත් වන්නැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට බලපෑම් එල්ල වෙයි. කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් තමන් ධුරයෙන් ඉවත් නොවන බව රැම්පෝසා අවධාරණය කර තිබේ. 04 December 2022
දැන්ම පුටින් හමුවීමක් නෑ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට කැමැත්තෙන් සිටිනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් මේ මොහොතේ පුටින් හමුවීමට සූදානම් නැති බවය. 03 December 2022
පේලේගේ තත්ත්වය යහපත් අතට ස්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දු සුපුරි තරුව පේලේගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 December 2022
ඇෆ්ගන් පකිස්තාන තානාපති මරන්න හදලා ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන තානාපති රෙහ්මාන් නිසාමානී ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි. 03 December 2022
චීනයේ සෞඛ්‍ය නීති ලිහිල් කරයි දැඩි ජනතා අප්‍රසාදය සහ විරෝධය සැලකිල්ලට ගනිමින්, ’කොවිඩ් 19’ මර්දනයට පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති සහ සීමා ඉවත් කිරීමට චීන රජයට සිදුවී තිබේ. 03 December 2022
ප්‍රංශ ජනපති මැක්රොන් ඇමෙරිකාවේ සංචාරයක නිල සංචාරයක් අරඹමින් ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බි්රජෙත් ත්රොග්නෝව්ට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 02 December 2022
පුටින් හමුවන්න බයිඩන් කැමැතියි රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැබැවින්ම කැමැති නම්, පුටින් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 02 December 2022
ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරට ඉන්දියාවට සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය මෙම දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාවට හිමිවී ඇත. 02 December 2022
උතුරු කොරියාවට සම්බාධක පැනැවෙයි ජපානය, දකුණු කොරියාව සහ ඇමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් කළේය. ඒ උතුරු කොරියාව පසුගිය දිනවල දිගින් දිගටම කළ මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමිනි. 02 December 2022
ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි. 01 December 2022
ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි. 01 December 2022
කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක් ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි. 01 December 2022
අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. 01 December 2022
සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොමු වී තිබේ. 30 November 2022
චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන් මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි. 30 November 2022
චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. ගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂයට ගියේ ‘ටියැංගොන්’ නමැති එම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහාය. 30 November 2022
චීන විරෝධතාවලට කැනඩා රජයේ සහාය චීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි. 30 November 2022
යුක්රේනයට ප්‍රංශයෙන් රොකට් පද්ධති විවිධ මාදිලියේ දිගු දුර රොකට් පද්ධති ප්‍රංශ රජයෙන් තමන්ට ලැබී ඇතැයි යුක්රේනය පවසයි. මෙම රොකට් පද්ධති යුක්රේනයට ලැබී ඇත්තේ රුසියානු ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමය. 30 November 2022
අතුරුදන් ජැක් මා හමුවෙලා අලි බාබා සමාගමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික ජැක් මා, මාස 6 ක් තිස්සේ ජපානයේ ටෝකියෝ අගනුවර ජීවත් වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. 30 November 2022
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026