
ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධවල මන්දිරයට පැමිණියේය. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකා සංචාරයකට පැමිණ සිටින්නේ ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. මෝදි වෙනුවෙන් බයිඩන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතව තිබුණි.
ඉන්දු ඇමෙරිකා සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ධවල මන්දිරයේ දී මෝදි සහ බයිඩන් අතරේ සාකච්ඡා පැවැත්විණි. චීනයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ද ලෝක නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.
අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජය මානව හිමිකම් කඩකරනවා යැයි චෝදනා එල්ල වී තිබේ. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් විමසීමක් නොකරන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෝදි හමුවීමට පෙර සිටම පවසා තිබුණි.
අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකන් සංචාරය ආරම්භ කළේ ඇමෙරිකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව සහ ඇමෙරිකන් ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමිනි. බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ ද හමුවක් පැවැත්විණි. ‘ටෙස්ලා’ සමාගමක් ඉන්දියාවේ පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු විය.
මේ අතර, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) ආරාධනාවකට අනුව, මෝදි කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කිරීමට ද නියමිතය. කොංග්‍රසය ආමන්ත්‍රණය කරන්නැයි මෝදිට ඇරැයුම් කර ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්ය.
ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි ඇමෙරිකන් කොංග්‍රසය අමතන දෙවැනි අවස්ථාව මෙයයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයකුට ඇමෙරිකන් කොංග්‍රසය දෙවරක් ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලැබී නැත.
ඊට අමතරව, ‘ජාත්‍යන්තර යෝග දිනය’ නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලේ විශේෂ උත්සවයක් පැවැත්වූයේ ද මෝදිගේ ප්‍රධානත්වයෙනි. ජාත්‍යන්තර යෝග දිනය යනුවෙන් දිනයක් වෙන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත්තේ ද අග්‍රාමාත්‍ය මෝදිගේ යෝජනාවකට අනුවය.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරයට ආ මෝදිට බයිඩන්ගෙන් උණුසුම් පිළිගැනීමක්