වැග්නර්’ කුලී හේවායන්ගේ කුමන්ත්‍රණය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත් එම කුමන්ත්‍රණයෙන් පසු පුටින් ලොවෙන් කොන් වී ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් මුදල් දී ‘වැග්නර්’ කුලී හේවායන් කැරැල්ලකට යොමු කර, රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කළේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඒජන්තවරුන් යැයි රුසියානු රජය දිගින් දිගටම චෝදනා නගා තිබේ.

රුසියාවෙන් දිගින් දිගටම එල්ල වන එම චෝදනා බයිඩන් ප්‍රතික්ෂේප කර ඇති අතර බයිඩන් පවසා ඇත්තේ රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට තමන් මැදිහත් නොවන බවය.