පියොංයැං අගනුවර දින 5 ක් ලොක්ඩවුන් උතුරු කොරියාවේ, පියොංයැං අගනුවර, දින පහකට ලොක්ඩවුන් කෙරුණි. ඒ, අගනුවර පුරා ස්වසන රෝගයක් ව්‍යාප්තවීමත් සමඟය. 25 January 2023
නවසීලන්තයේ නව අගමැති දිවුරුම් දෙයි කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ. ක්‍රිස් හිප්කින්ස් පසුගිය 22 වැනිදා කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් විය. 25 January 2023
රහස් ලියවිලි හමුවීම බයිඩන්ට ලොකු අවාසියක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සතුව තිබී රහස් ලියවිලි හමුවීම, බයිඩන්ට ලොකු අවාසියක් වනු ඇතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 24 January 2023
ඉන්දීය දිසා විනිසුරුවරයෙක් ගවයන් වෙනුවෙන් හඬ නගයි ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ටාපී දිස්ත්‍රික්කයේ දිසා විනිසුරුවරයකු ගවයන් වෙනුවෙන් හඬ නගා තිබේ. දිසා විනිසුරුවරයා ගවයන් වෙනුවෙන් හඬ නගා ඇත්තේ, අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට චෝදනා ලැබ අධිකරණයට ගෙන ආ 22 හැවිරිදි තරුණයකුට දඬුවම් ලබා දෙමිනි. 24 January 2023
පාකිස්තාන නගර රැසක් තවමත් අඳුරේ පාකිස්තානයේ නගර රැසක විදුලි බල සැපැයුම තවමත් යථා තත්ත්වයට පත් වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ජාතික විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටුණේ ඊයේ (23) උදෑසන 7.34 ටය. 24 January 2023
රුසියන් විදේශ ඇමැති දකුණු අප්‍රිකාවේ සංචාරයක රුසියන් ජනාධිපති සර්ගේ ලැව්රෝව් දකුණු අප්‍රිකාවේ සංචාරයකට පැමිණියේය. දකුණු අප්‍රිකා රජය වෙනුවෙන්, රුසියන් විදේශ කටයුතු අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ දකුණු අප්‍රිකානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යවරිය නලේදී පැන්දෝර් විසිනි. 24 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් නව දෙනෙක් මරුට ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබම් තුවක් සිදුවිය. එම වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි. මියගොස් තවත් පුද්ගලයන් සය දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 January 2023
බොරිස් ජොන්සන් යුක්රේනයේ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 January 2023
නයිජීරියාවෙන් ලාසා ආසාදිතයෝ 105 ක් නයිජීරියාවෙන් ලාසා වයිරස ආසාදිතයන් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව, තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. 23 January 2023
පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක් විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය. පාකිස්තාන ඉස්ලාමාබාද් අගනුවර කටයුතු මෙන්ම, එරට ප්‍රධාන ආර්ථික නගරය වන කරච්චි නුවර කටයුතු ද මෙම විදුලිය බිඳ වැටීම හේතුවෙන් අඩපණ විය. 23 January 2023
ජර්මන් චාන්සලර් ප්‍රංශ ජනපති හමුවෙයි ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ප්‍රංශයේ පැරිස් නුවර ‘ඉලීසේ’ ජනාධිපති මන්දිරයේ දී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී සාකච්ඡා පැවැත්වීය. 23 January 2023
මොන්ටෙරි පාර්ක් වෙඩික්කරු මියයයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ගැබි්රයෙල් නිම්නයේ, මොන්ටෙරි පාර්ක් නගරයේ, චීන නව අවුරුදු සමරුමකට කඩා වැදුණු වයෝවෘද්ධ පුද්ගලයකු කළ වෙඩි තැබීමකින්, 10 දෙනකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලැබූහ. 23 January 2023
බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි හමුවෙලා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් පිහිටි නිවසින්, තවත් රහස් වාර්තා හයක් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. 23 January 2023
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. 21 January 2023
චීන ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා චීන ජනගහනයෙන් සියයට 80 කට මේවනවිට ’කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ චීන රජයය. ඒ, සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා දත්ත පාදක කර ගනිමිනි. 21 January 2023
සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා 1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් ’බස්’ ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය. 21 January 2023
බෝම්බයක් පිපිරී පාකිස්තාන දුම්රියක් පීලි පනී පාකිස්තානයට අයත් බලුකිස්තානයේ, මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 20 January 2023
කැරිබියානු දූපතේ සියලුම වඳුරන් මරා දැමෙනවා සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 20 January 2023
ජනපති ලූලා ද සිල්වා බයිඩන් හමුවෙනවා බ්‍රසීලයේ නව ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානම් වෙයි. බ්‍රසීල ජනාධිපතිවරයා ලබන පෙබරවාරි 9 හ 10 දෙදින ඇමෙරිකාවේ සංචාරයක නියැලෙනු ඇති බවත්. ඔහු ධවල මන්දිරයේ දී ජෝ බයිඩන් හමුවනු ඇති බවත් වාර්තා වේ. 20 January 2023
රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් පවසයි. 20 January 2023
ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. 20 January 2023
හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි. 19 January 2023
අධික සීතල දරා ගන්න බැරිව 70 ක් මැරිලා අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 January 2023
හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති මරුට යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත්තේය. 18 January 2023
ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී අතරේය. හමුව පැවැත්වූයේ පෝලන්තයේය. 18 January 2023
වියට්නාම් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමට හේතු වූයේ, සුවාන් පුක්ගේ නිර්දේශ මත, රජයේ ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් බොහෝ දෙනකුට ද දූෂණ චෝදනා එල්ල වීමය. 18 January 2023
සොරුන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුවම් ඇෆ්ගන් තලේබාන් රජය, ඔවුන්ගේ ෂරියා නීතිය යටතේ සොරකම්වලට වරදකරුවන් වූ ඇෆ්ගන් වැසියන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී තිබේ. 18 January 2023
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ කන්‍යා සොහොයුරියකි. ලුසිල් රුන්දොන් නමැති ඇගේ වයස අවුරුදු 118 කි. 18 January 2023
පුටින් බටහිර රටවලට දොස් කියයි යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ බටහිර රටවලට දොස් නැගුවේ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සමඟ පැවැත්වූ දුරකතන කතාබහක් අතරතුරේය. 17 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 6 ක් මරුට ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ නිවසක සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනා අතර මාස 6 ක බිලිඳකු සිටින බව ද පොලිසිය කියයි. 17 January 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026