
ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඒ ඔවුන්ටම ආවේණික වූ දලදඬු ෂරියා නීතියට අනුවය.
ඒ අනුව, කාබුල් අගනුවර සහ තවත් පළාත් කීපයක කාන්තාවන් විසින් පවත්වාගෙන ගිය, කාන්තාවන්ට පමණක් සීමාවුණු රූපලාවණ්‍යාගාර වසා දැමෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත්තේ ඇෆ්ගන් තලේබාන් රජයේ, ‘සදාචාරය සුරැකීම’ පිළිබඳ අමත්‍යාංශ හරහාය.
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ටත් බාලිකාවන්ටත් තහංචි රැසක් පැනැවී ඇත. බාලිකා අධ්‍යාපනය තහනම් කර ඇති අතර, කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd