IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘වැග්නර්’ හමුදා ප්‍රධානියා ආපසු රුසියාවට

හමුදා කැරැල්ලෙන් පසු, බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් යළි රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ උපුටා දක්වමිනි. පැය 24 කට සීමා වුණු හමුදා කුමන්ත්‍රණය අවසන් වූයේ පසුගිය ජූනි 27 වැනිදා ප්‍රිගෝෂින් බෙලරූසයට යෑමෙන් පසුවය. බෙලරූසය යනු රුසියාවේ එක් අසල්වැසියෙකි.

ප්‍රිගෝෂින් බෙලරූසයට ගෙන්වා ගැනීම කළේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වීමෙනි. ලුකෂෙන්කෝ, ප්‍රිගෝෂින්ගේත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් සමීපතම මිතුරෙකි.

බෙලරූසයට පිටුවහල් වෙද්දී, ප්‍රිගෝෂින්ට එල්ල කළ සියලු චෝදනා රුසියන් රජය ඉවත දැමීය. කැරැල්ලට සම්බන්ධ වුණු ‘වැග්නර්’ කුලී හේවායන්ට ද සමාවක් හිමිවිය.

මේ අතර රුසියන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේශද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් ප්‍රිගෝෂින්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට රුසියන් රජය කටයුතු කරන බවය.



අදහස් (0)

‘වැග්නර්’ හමුදා ප්‍රධානියා ආපසු රුසියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site