2024 ජනවාරි පළමු වැනිදා සිට, නෙදර්ලන්තයේ පංති කාමරවලින්, ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ
පංති කාමරවල අධ්‍යාපනය ලබමින් සිටිද්දී දරුවන්ගේ අවධානය වෙනකට යොමු වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නෙදර්ලන්ත බලධාරීන් පැහැදිලි කර තිබේ.
ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් භාවිතයට අවසර හිමිවනු ඇත්තේ ඩිජිටල් කුසලතා පාඩම්වලදී සහ වෛද්‍ය හේතූන්මත හෝ ආබාධ සහිත දරුවන්ට පමණක් බව ද පැවැසෙයි.
“ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච්වලින් අපට මිදෙන්න බෑ. එසේ කළ යුතු නෑ. අපේ ජීවිත පහසු කරගන්න ඒවා ඕනෑ. දරුවන්ට පාසලට ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් රැගෙන ඒමට අවසරයි. නමුත් පංති කාමරයේ පාඩම් කටයුතු අතරතුරේ ඒවා භාවිතයට ගන්න අවසර දෙන්නේ නෑ’ යැයි රොබට් දිජ්ග්‍රාෆ් පවසා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ෆෝන් තහනම්
H I Sudarman Sunday, 09 July 2023 07:36 AM
අපේ රට වගේ තියනවා නම් ඉතා හොඳයි...