බටහිර ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරින් 25 ක් ජීවිතක්ෂයට පත්වුණු බව වර්තාවේ. බස් රථය අනතුරට පත් වූයේ එහි ටයරයක් පුපුරා යෑමෙනි.

අනතුර සිදුවූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්ඩානා දිස්ත්‍රික්කයේ අලුයම 1.03 ට පමණය. අනතුර සිදුවෙද්දී බසයේ 33 දෙනකු සිට ඇත. තුවාල ලැබූ අට දෙනකු කඩිනමින් රෝහල් ගත කළ බව ද වාර්තා වේ.