වැග්නර් කුලී හේවා බළඇණියේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන කතාබහක් සිදුවිය.

රුසියන් රජය එම කැරැල්ල මැඩලීමට කටයුතු කළ ආකාරය සම්බන්යෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කළේ යැයි පැවැසෙයි.

නීතිය හා සාමය සුරැකීමට රුසියන් රජය පියවර ගැනීම ප්‍රශංසනීය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි රුසියන් ජනාධිපතිවරයා සමඟ පවසා ඇත.