
අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත නායක ඔසාමා අල් මුහාජීර් ඝාතනය කිරීමට හැකිවුණු බව ඇමෙරිකන් හමුදාව කියයි. ඇමෙරිකන් හමුදාව අල් මුහාජීර් ඝාතනය කර ඇත්තේ නියමුවන් රහිත ඩ්‍රෝන යානාවකින් පහර දෙමිනි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය සිකුරාදා (7) ය. ඇමෙරිකන් හමුදාව අල් මුහාජීර් මියගිය බව තහවුරු කළේ පෙරේදා (9) වැනිදාය. අල් මුහාජීර් සැඟවී සිටියේ නැගෙනහිර සිරියාවේ ස්ථානයක බව ද පැවැසෙයි.
‘අයි.එස්. සංවිධානය අඩපණ වී සිටින නමුත් ඔවුන්ගෙන් එල්ල වන තර්ජන තවමත් අවසන් නැහැ. එහෙයින්, අයි.එස්. නායකයන් සහ අයි.එස්. සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දිගටම අප පහර දෙනවා’ යැයි ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මයිකල් කුරිලා මාධ්‍ය හමුවේ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd