රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම තහනම් කිරීමට තීරණය කළ බව කැනඩා රජය පවසයි.

කැනඩා රජය ගත් මෙම තීරණය, සතුන් සුරැකීමේ සංවිධානවල පැසැසුමට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට, කැනඩාව පමණක් නොව, ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ද සතුන් යොදා ගනිමින් රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීම තහනම් කර තිබේ. ඊට අමතරව, ලෝකයේ රටවල් 44 ක් රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම නවත්වා ඇතැයි ද වාර්තා වේ.

රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම තහනම් කළ ඇමෙරිකානු ජනපද වන්නේ නිව්යෝක්, වර්ජීනියා, කැලිෆෝනියා, ලුවිසියානා, නිව්ජර්සි, මේන්, හවායි, නෙවාඩා, ඉලිනෝයි සහ මේරිලන්ඞ්ය.