IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ස්වීඩන අගමැති ධවල මන්දිරයේ

ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකයකු වීම දැකගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයට ආ ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් හමුවී ඔහු සමඟ සාකච්ඡා කරද්දීය.

ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි. ස්වීඩනය මෙන්ම ෆින්ලන්තය ද මේ වනවිට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය වෙනුවෙන් ඇයදුම්පත් යොමු කර තිබේ.

ස්වීඩනය සහ ෆින්ලන්තය මෙසේ ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් බිය පළ කරමිණි.

‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින්, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් එක් වී පිහිටුවා ගත් යුද සන්ධානයයි.

ෆින්ලන්තයට මෙන් නොව, ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමේ දී ගැටලුවක් පවතී. ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමට නම්, තුර්කියේ අනුමැතිය අවශ්‍ය වෙයි. තුර්කිය ද ‘නේටෝ’ සාමාජිකයෙකි.

රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වන එකම ‘නේටෝ’ සාමාජිකයා තුර්කියයි. තුර්කි රජයට එරෙහි විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනකුට ස්වීඩනය රැකවරණය දෙයි. තුර්කිය ස්වීඩනයට විරෝධය දක්වන්නේ මේ නිසාය.

ලබන සතියේ ලිතුවේනියාවේ දී ‘නේටෝ’ සමුළුවක් පැවැත්වෙයි. එහිදී තුර්කිය ස්වීඩනය සම්බන්ධයෙන් ගන්නා තීරණය නිවේදනය කෙරෙනු ඇත.

ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් උණුසුම් ලෙස පිළිගත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.

‘නේටෝ’ සාමාජිකයකු වීමට ස්වීඩනයට අවශ්‍ය සම්පූර්ණ සහාය ඇමෙරිකාවෙන් ලැබෙනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ස්වීඩන අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය. ඇමෙරිකාව සහ ස්වීඩනය අතර ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.



අදහස් (0)

ස්වීඩන අගමැති ධවල මන්දිරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site