ලොව ළාබාලතම අගමැතිනිය පරදී ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය සන්නා මරීන් ප්රමුඛ ප්රජාතන්ත්රවාදී පක්ෂයට බලය අහිමි විය. මැතිවරණය ජයගත්තේ විපක්ෂ නායක පෙටි්‍රයෝ ඕර්පෝගේ ජාතික සන්ධානයයි. 03 April 2023
‘මාර්බර්ග්’ වයිරසය ළැව් ගින්නක් වගේ ‘ඉබෝලා’ තරම් මාරක, ‘මාර්බර්ග්’ වයිරසය මේ වනවිට බටහිර අප්‍රිකා රටවල ළැව් ගින්නක් සේ පැතිර යමින් පවතින බවත් ඒ සම්බන්ධයෙනව් විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය අනතුරු අගවා තිබේ. 02 April 2023
ආරක්ෂක මණ්ඩල මුල් පුටුව රුසියාවට ජගත් ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය රුසියාවට හිමි වී ඇත. ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 කි. සභාපති ධුරය ඔවුන් අතරේ මාසයක කාලයකට බෙදී යෑම සිදුවෙයි. රුසියාවට සභාපති ධුරය හිමිවූයේ ඒ අනුවය. 02 April 2023
ෆින්ලන්ත මහ මැතිවරණය ඇරැඹේ ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණය අද (2) ආරම්භ වෙයි. වත්මන් අගමැතිනිය සන්නා මරින්, ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට නායකත්වය දෙමින් යළිත් වරක් මැතිවරණයට ඉදිරිපත් වෙයි. 02 April 2023
බ්‍රිතාන්‍ය අගමැතිගේ විදෙස් සංචාරයට යූරෝ ලක්ෂ 5 ක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, දින 10 ක විදේශ සංචාරයක් සඳහා පුද්ගලික ජෙට් යානයකට යූරෝ ලක්ෂ 5 කට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අනාවරණය වී තිබේ. 01 April 2023
ඇමෙරිකාවේ තවත් ජනපද දෙකකට ටෝනේඩෝ තර්ජන ඇමෙරිකාවේ ආකස්සාස් සහ ඉලිනොයි යන ජනපද හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 01 April 2023
පාප්තුමා රෝහලෙන් පිටවෙයි රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම පාප්තුමන් යළි වතිකානයට පැමිණියේය. පසුගිය සතියේ පාප්තුමන් රෝමයේ ගෙමෙලී රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයක් හේතුවෙනි. 01 April 2023
චීන යුද නැවක් ගැන ඉන්දියාව විමසිල්ලෙන් බෙංගාල බොක්ක ආශ්රිත මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණය කරන චීනයට අයත් ‘හයි සැන් සි යු 760’ සමීක්ෂණ නෞකාව සම්බන්ධයෙන්, ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 01 April 2023
ස්පාඤ්ඤ අගමැති චීන ජනපති හමුවෙයි නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චේස් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. 01 April 2023
ෆින්ලන්තයට තුරිකියේ අනුමැතිය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට ෆින්ලන්තයට අනුමැතිය ලබා දීමට තුර්කි පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. 31 March 2023
රුසියාවේ සිටින ඇමෙරිකානුවන්ට අනතුරු වහාම රුසියාවෙන් පිටවෙන්නැයි රුසියාවේ සිටින ඇමෙරිකානුවන්ට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලික්නක් අනතුරු ඇඟවීමක් කර තිබේ. 31 March 2023
හිටපු ජනපති ට්‍රම්ප්ට චෝදනා ගොනු කෙරේ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇත. 31 March 2023
ඉන්දියාවට තවත් බොරතෙල් රුසියාවෙන් රුසියානු බලශක්ති ක්ෂේත්රයේ දැවැන්තයකු වන රොස්නේෆ්ට් සමාගම ඉන්දියාවට අලෙවි කරන බොරතෙල් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ගිවිසුමකට එළඹී බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඊගෝර් සෙචින් ප්‍රකාශ කර ඇත. 30 March 2023
කොලොම්බියානු හමුදාවට කැරැලිකරුවෝ පහර දෙති කොලොම්බියානු ජාතික විමුක්තිකාමීන් ලෙස හඳුනා ගන්නා එරට කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කොලොම්බියානු හමුදා සෙබළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 March 2023
ශ්වසන ආසාදනයක්: පාප්තුමා රෝහලේ ශ්වසන ආසාදනයක් හේතුවෙන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමයේ රෝහලකට ඇතුළු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 30 March 2023
බටහිර රටවල් පැනැවූ සම්බාධකවලින් වැඩක් නෑ යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ටත්, රුසියානු රජයටත් පනවා ඇති සම්බාධකවලින් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 30 March 2023
තායිවාන ජනාධිපති ග්වාතමාලා-බෙලීස් සංචාරයක තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, ග්වාතමාලා සහ බෙලීස් සංචාරයකට යෑමට සූදානම් වෙයි. මෙම සංචාරවලදී තමන් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් බව ජනාධිපතිවරිය පැවැසීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. 30 March 2023
විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් පාකිස්තාන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් සොයාගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා තමා ඇතුළු විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් යෝජනා කරන බව පාකිස්තාන අග විනිසුරු උමර් අටා බන්දයාල් පවසා තිබේ. 30 March 2023
සූ කීගේ දේශපාලන පක්ෂය විසුරුවයි බලයෙන් නෙරපා දැමීමෙන් පසු, චෝදනා රැසකට මුහුණ දී සිරදඩුවම් විඳින, මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කීගේ ’ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය’ දේශපාලන පක්ෂය විසුරුවා හැරීමට මියන්මාර හමුදා පාලකයෝ කටයුතු කළහ. 30 March 2023
තායිවානයේ හිටපු ජනපති චීන සංචාරයක තායිවානයේ හිටපු ජනාධිපති මා යිංග් ජෝ චීනයේ සංචාරයකට පැමිණියේය. චීනය සහ තායිවානය අතරේ විරසකයයක් පවතී. චීනය තවමත් සලකන්නේ තායිවානය එරට කොටසක් ලෙසය. තායිවානය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1949 කොමියුනිස්ට් විප්ලවයෙන් පසුවය. 28 March 2023
ඇෆ්ගන් විදෙස් අමත්‍යාංශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියේය. ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත්තේ එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවය. ප්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ. 28 March 2023
එක්වදෝරායට මහ වැසි: නායයෑම් ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ දකුණු දිග පළාත්වලට මහ වැසි ඇද හැලෙමින් පවතී. අලෝසි පළාතේ ගම්මාන රැසක් නායයෑමට ලක් වී ඇති බවත් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. මහ වැසිවලින් සහ නායයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන 500 කි. 28 March 2023
රාහුල්ට බංගලාවත් අහිමි වෙයි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම, ඔහු 2005 වසරේ සිට පදිංචිව සිටි බංගලාවෙන් ඉවත්වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 28 March 2023
චීනය ව්‍යාපෘතිවලට ඩොලර් බිලියන 240 ක් වැය කරලා අර්බුද වලට මුහුණ පා සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල් 22 ක් එම අර්බුද වලින් ගොඩ ගැනීම සඳහා 2008 සහ 2021 වසර තුළ චීනය, ඇමෙරිකන් ඩොලර් බිලියන 240 ක මුදලක් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ලබා දී ඇතැයි ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි. 28 March 2023
තායිවානය අමතක කර චීනයට ළං වෙයි දශක ගණනක්, තායිවානය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අමතක කොට චීනය සමඟ නව සබඳතා ආරම්භ කිරීමට ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යය කටයුතු කළේය. 28 March 2023
සඳ මතුපිට ජලය සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති. 28 March 2023
යුක්රේනයට යුද ටැංකි දෙන්න ජර්මනිය සූදානම් රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ‘ලෙපර්ඩ්’ වර්ගයේ යුද ටැංකි 18 ක් ලබා දීමට කටයුතු කරන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කියයි. 28 March 2023
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ය. 28 March 2023
නෙදන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය හඳුන්වා දීමට සැරැසුණු නව අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වීමත් සමඟ එම ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සිදුවිය. 27 March 2023
හමුදා සේවය මග හරින්න අවස්ථාවක් දකුණු කොරියාවේ වයස අවුරුදු 18 ත් 28 ත් අතර අබාධිත නොවන පිරිමින් සියලු දෙන මාස 18 ත් 21 ත් අතර කාලයක් හමුදා සේවයේ අනිවාර්යයෙන් නිරත විය යුතු වේ. 27 March 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026