
‘ඕෂන්ගේට්’ සමාගමේ, ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහසක් තමන්ට නැතැයි සම්මානනීය හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරන් අවධාරණය කර තිබේ.
කැමරන්, ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය ඇසුරින් රහසේ චිත්‍රපටයක් නිර්මාණය කරනවා යැයි පසුගිද දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද රාවයක් පැවැතිණි.
ජේම්ස් කැමරන් යනු ‘ටයිටැනික්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. කැමරන් වාර ගණනාවක් ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට ගිය අයෙකි.
පසුගිය ජූනි 22 වැනිදා ‘ටයිටන්’ සබ්මැරීනය සංචාරකයන් රැගෙන මුහුදු පතුලේ කිමිඳුනේ ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමටය. සබ්මැරීනය මුහුදු ගැඹුරේ පීඩනයට හසුවී පොඩි පට්ටම් වී පුපුරා ගියෙය් එහි සිටි පස්දෙනා බිලිගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd