
ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට ලබා ගනිමින් තුර්කියේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බව පැවැසෙයි.
සෞදියේ වෙරළාශ්‍රිත ජෙඩා නුවරදී තුර්කි ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ සෞදියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් විසිනි.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, තුර්කි ජනාපධිතිවරයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් ඉන්පසු කටාර් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය. සෞදි තුර්කි ව්‍යාපාරික හමුවකට ද තුර්කි ජනාධිපතිවරයා සහභාගී විය.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් කටාර් රාජ්‍යයේත් ව්‍යාපාරික හමු පැවැත්වීමට නියමිත බව අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.
තුර්කියේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට සෞදි රජය කැමැත්ත පළ කර තිබේ. එම ගනුදෙනුවට අදාල ගිවිසුම්වලට ද තුර්කි ජනාධිපති එර්දොවාන් අත්සන් කළේ යැයි පැවැසෙයි.
අර්බුදයට පත් වී ඇති තුර්කි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ගනුදෙනුව ඉවහල් වනු ඇතැයි ද පැවැසෙයි. තුර්කි ජනාපධිති එර්දොවාන් සෞදියේ සංචාරයකට පැමිණියේ තුර්කි ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි.
මේ අතර, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුවී, සාකච්ඡා කිරීමට තමන් සූදානම් නමුත්, තුර්කි සිරියාවේ රඳවා ඇති තුර්කි හමුදා ආපසු ගෙන්වා ගැනීමට තමන් සූදානම් නැතැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.
තුර්කි ජනාධිපති එර්දොවාන් මෙසේ පැවැසුවේ සෞදියේ, කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය ආරම්භ කිරීමට සූදානමිනි.
සිරියානු සිවිල් යුද්ධයේ දී තුර්කියේ සහාය හිමිවන්නේ සිරියානු නිල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. තුර්කිය කිසිම අවස්ථාවක, සිරියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් බැහැර නොවූ බව ද ඕනෑම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තුර්කිය සූදානම් බවත් තුර්කි ජනාධිපති එර්දොවාන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd