බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂීන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි.
එම හමුවට තවත් වැග්නර් සාමාජිකයන් 35 දෙනකු ද සහභාගී වූ බව පැවැසෙයි. ක්‍රෙම්ලීන වාර්තා අනුව, හමුව පැවැත්වූයේ මොස්කව් අගනුවරදීය.
‘වැග්නර්’ කුලී හේවා බලඇණිය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වූයේ පසුගිය ජූනි 29 වැනිදාය. කෙසේ නමුත් එම කුමන්ත්‍රණය පැය 24 කට සීමා විය. ඒ, බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙනි.
ජනාධිපති පුටින්, වැග්නර් ප්‍රධානියා සහ සෙසු සාමාජිකයන් අතර පැය 3 කට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණු බව ද ක්‍රෙම්ලීනය පවසා ඇත. තමන් සහ තම සොල්දාදුවන් දිගටම පුටින් වෙනුවෙන් සටන් බිමට යෑමට සූදානම් බව ද ප්‍රිගෝෂීන් පවසා ඇතැයි ද ක්‍රෙම්ලීනය පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd