IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වැග්නර් ප්‍රධානියා පුටින් හමුවෙලා

බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂීන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. 

එම හමුවට තවත් වැග්නර් සාමාජිකයන් 35 දෙනකු ද සහභාගී වූ බව පැවැසෙයි. ක්‍රෙම්ලීන වාර්තා අනුව, හමුව පැවැත්වූයේ මොස්කව් අගනුවරදීය.

‘වැග්නර්’ කුලී හේවා බලඇණිය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වූයේ පසුගිය ජූනි 29 වැනිදාය. කෙසේ නමුත් එම කුමන්ත්‍රණය පැය 24 කට සීමා විය. ඒ, බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙනි.

ජනාධිපති පුටින්, වැග්නර් ප්‍රධානියා සහ සෙසු සාමාජිකයන් අතර පැය 3 කට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණු බව ද ක්‍රෙම්ලීනය පවසා ඇත. තමන් සහ තම සොල්දාදුවන් දිගටම පුටින් වෙනුවෙන් සටන් බිමට යෑමට සූදානම් බව ද ප්‍රිගෝෂීන් පවසා ඇතැයි ද ක්‍රෙම්ලීනය පැහැදිලි කර තිබේ.



අදහස් (0)

වැග්නර් ප්‍රධානියා පුටින් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 412 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 124 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 801 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site