IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා මෝදි

ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ හෙට (14) ට යෙදී තිබේ. ප්‍රංශයේ පැරිස් අගනුවර ‘බැස්ටීල් දින’ සැමරුමක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ විශේෂ ඇරැයුම පිළිගනිමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැරිසිය බලා පිටත් වූයේ විශේෂ ගුවන් යානයකිනි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවී ඉන්දු ප්‍රංශ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට මෝදි කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.

මෙම 2023 වසරේ ඉන්දියා ප්‍රංශ මිත්‍රත්වයට වසර 25 ක් සපිරෙයි. ආරක්ෂක කටයුතු, න්‍යෂ්ටික බලශක්ති කටයුතු, වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බැස්ටීල් දින හමුදා පෙළපාළි සඳහා ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කණ්ඩායමක් සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් ‘රෆේල්’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 3 ක් ද සැමරුමට එක් වීමට නියමිතය. මෙම ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා, ප්‍රංශ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සමඟ එක් වී ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ යෙදෙන්නේ සෑම ජූලි 14 වැනිදාටය. 1789 වසරේ ජූලි 14 වැනිදා ප්‍රංශ විප්ලවය ආරම්භ වීමත් සමඟ ජනතාව තලාපෙලා පීඩාවට පත් කළ රජ පවුලටත් ප්‍රභූවරුන්ටත් එරෙහිව ජනතාව අරගල කළ අතර, ප්‍රංශ විප්ලවයේ ආරම්භය වූයේ මෙයයි. බැස්ටීලය යනු ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි බලකොටුවකි.

අතීතයේ මෙය ප්‍රංශ රාජාඥාව යටතේ දේශපාලන අපරාධකරුවන් සිරගත කරනු ලැබූ රාජ්‍ය සිර කඳවුරය. ප්‍රංශ විප්ලවය ආරම්භ වෙද්දී, රාජ්‍ය පාලනයට එරෙහිව නැගී සිටි ප්‍රංශ වැසියන්, බැස්ටීලයට කඩා වැදී එය අත්පත් කර ගත්තේ එහි අවි ආයුධ තිබුණු බැවිනි.



අදහස් (0)

ප්‍රංශ ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා මෝදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site