චීන ආරක්ෂක ඇමැති ජනපති පුටින් හමුවෙයි නිල සංචාරයකට රුසියාවේ මොස්කව් අගනුවර බලා පැමිණි, චීන ආරක්ෂක ඇමැති ලී සැංග්ෆු සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, රුසියාව සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. 17 April 2023
වායු දූෂණය වැඩිම නගරය නේපාලයේ කත්මණ්ඩු වායු දූෂණය වැඩිම ලෝකයේ නගර අතර, පළමු ස්ථානයේ ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු බව විදෙස් මාධ්‍ය පවසයි. 17 April 2023
රාජාභිෂේකයට විශේෂ ඇරැයුම් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයේදී එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන් හි සේවය කළ ප්‍රවීණයන් සහ සෞඛ්‍ය සේවකයන් 4,000 කට පමණ ලන්ඩනයේ බකිංහැම් මාලිගය ඉදිරිපිට ප්‍රධාන නැරඹුම් ස්ථානයක් ලබා දෙනු ඇති බව බි්රතාන්ය රජය නිවේදනය කර ඇත. 17 April 2023
ඇමෙරිකාවේ උපන්දින සාදයක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, ඇලබාමා ජනපදයේ උපන් දින සාදයක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි. 17 April 2023
තව දුරටත් ‘මාස්ක්’ ඕනෑ නෑ ‘කොවිඩ් 19’ අවදානම පහව යෑමත් සමඟ, උමං දුම්රියේ ගමන් කරද්දී, තව දුරටත් ‘මාස්ක්’ අනිවාර්ය නැතැයි චීන සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත. 17 April 2023
සුඩාන හමුදා පාලනයට එරෙහිව හමුදා පාලනයක් සුඩානයේ බලය අල්ලාගෙන සිටින හමුදා පාලකයන්ට එරෙහිව, හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. හමුදා කුමන්ත්‍රණය සිදු කළේ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ නමැති අතිරේක හමුදා බලඇණියේ මෙහෙයවීමෙනි. 16 April 2023
කොලොම්බියා ගිනි කන්ද පුපුරන්න ඔන්න මෙන්න කොලොම්බියාවේ ‘නෙවාඩෝ දෙල් රූසි’ ගිනි කන්ද පුපුරා යෑමට ආසන්න යැයි එරට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. 16 April 2023
ජපන් අගමැති යළි මැතිවරණ කටයුතු අරඹයි මැතිවරණ රැලියක් අතරතුරේ දුම් බෝම්බ ප්‍රහාරයකට ලක්වුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යළි එම කටයුතු ආරම්භ කළ බවත්, ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවත් වාර්තා වේ. 16 April 2023
සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි සුඩාන රජයේ හමුදාව සහ අතිරේක හමුදා බලඇණි අතරේ ගැටුම් ආරම්භ වී තිබේ. ඒ, රටේ බලය අත්පත් කර ගැනීමේ අරමුණින්ය. 15 April 2023
රහස් හෙළි කළ සැකකරු අල්ලා ගැනෙයි ඇමෙරිකන් බුද්ධි අංශ සතු රහස් තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත් කිරීම කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 15 April 2023
උතුරු කොරියාවෙන් අලුත් මිසයිලයක් උතුරු කොරියාව පළමු වරට, ’ඝන ඉන්ධන’ භාවිතයෙන් නිර්මාණය කළ දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. 15 April 2023
යුද්ධය නවත්වන්න ඕනෑ රුසියන් යුක්රේන යුද්ධය ඉක්මනින් නැවැත්වීමට කටයුතු කරන්නැයි ජර්මනිය, චීනයෙන් ඉල්ලා සිටී. 15 April 2023
පිපිරීමෙන් 18,000 ක් මැරිලා ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේ විශාල ගොවිපොලක, ප්‍රබල පිපිරීමක් සිදුවිය. 15 April 2023
’ජූස්’ පිටසක්වළයන් සොයන්න යයි යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ JUICE (ජූස්) යන නමින් නම් කළ රොබෝ ගවේෂණ යානය බෘහස්පති ග්‍රහයාගේ අයිස්වලින් මිදුනු චන්ද්‍රයන් ගවේෂණයට පිටත්ව ගියේය. 15 April 2023
නැගෙනහිර යුක්රේනයට බෝම්බ හෙලයි රුසියන් ගුවන් හමුදාව, නැගෙනහිර යුක්රේනයේ, ස්ලොවියැන්ස්ක් නමැති නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලුවේය. 15 April 2023
ලූලා චීනයේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ආසියාවේ ආර්ථික බලවතා චීනය වන අතර, ලතින් ඇමෙරිකා කලාපයේ ආර්ථික බලවතා වන්නේ බ්‍රසීලයයි. 13 April 2023
බුද්ධගයාවේ ගින්නක් බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ එළවලු වෙළඳපොළක ඇති වූ ගින්නකින් වෙළඳසැල් 115 ක් ගිනිගෙන විනාශ වී ඇතැයි බිහාර් බලධාරීහු පවසති. 12 April 2023
බයිඩන් උතුරු අයර්ලන්තය බලා යයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් උතුරු අයර්ලන්තය බලා පැමිණියේය. 1998 වසරේ දී, උතුරු අයර්ලන්තයේ දේශපාලන කටයුතුවලට ඇමෙරිකාව මැදිහත් වී, සාම ක්‍රියාවලියක් ස්ථාපිත කළේය. 12 April 2023
ඉන්දියාවේ හමුදා කඳවුරක වෙඩි තැබීමක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බතිණ්ඩා හමුදා කඳවුරේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අලුයම 4.35 ට පමණ යැයි ඉන්දීය හමුදාව පවසා තිබේ. 12 April 2023
චීනයෙන් පළමු වරට කුරුලු උණ මරණයක් දකුණු දිග චීනයේ 56 හැවිරිදි කාන්තාවක එච්3.එන්.8 කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, එච්3.එන්.8 කුරුලු උණ ආසානය වී මියගිය පළමු පුද්ගලයා ලෙස මෙම කාන්තාව සැලකිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 April 2023
මියන්මාර හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 50 ක් මියයති මියන්මාර හමුදා ජුන්ටාව, එරට සැගෙයිං පළාතේ සිදු කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියෝ 50 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය එම පිරිස අතරේ කාන්තාවන් මෙන්ම කුඩා දරුවෝ ද වෙති. ප්‍රහාරය එල්ල වූයේ කුඩා ගම්මානයකටය. 12 April 2023
දියණිය අරන් රෝහලෙන් යද්දී ලොතරැයියක් ඇදිලා තම දියණිය පිළිකාව පරාජයට පත්කිරීමෙන් දවසකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ලොතරැයියක් ජයග්‍රහණය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 11 April 2023
අවුරුදු 11 දරුවන් රැකියාවට අරන් ඔස්ටේ්රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආපන ශාලාවක් අවුරුදු 11 වයසැති දරුවන් සේවයට බඳවා ගෙන ඇතැයි පළවූ වාර්තා හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ එම ආපන ශාලාවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී. 11 April 2023
මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්රඩෝ වර්ගය මිශ්‍ර සුනඛයෙකි. 11 April 2023
ඇමෙරිකාවේ ‘කොවිඞ්’ හදිසි තත්ත්වය අවසන් වසර තුනකට පසු, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, ඇමෙරිකාවේ පනවා තිබූ ‘හදිසි තත්ත්වය’ ඉවත් කරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 11 April 2023
2024 ජනපතිවරණයට ඉදිරිපත් වෙනවාදැයි දැන්ම කියන්න බෑ දෙවැනි ධුර කාලය සඳහා 2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් නමුත් දැන්ම එය නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. 11 April 2023
යුක්රේන නියෝජ්‍ය විදෙස් ඇමැති ඉන්දියාවේ යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය සපොරෝවා, සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියාය. 11 April 2023
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ බටහිර පාකිස්තානයේ ක්වෙටා නුවර පොලිස් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 11 April 2023
ඇමෙරිකාවේ බැංකුවක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ කෙන්ටකි ජනපදයේ, ලුවිස්විල් නගරයේ බැංකුවක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 8 කි. වෙඩි තැබීම කළේ බැංකුවේ හිටපු සේවයකයකු බව පොලිසිය කියයි. 11 April 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026