
නයිගර් රාජ්‍යයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය පසුපස රුසියාව සිටින බවට චෝදනා එල්ල වෙයි. මෙම චෝදනා එල්ල කරන්නේ යුක්රේනයයි.
නයිගර් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මීට සතියකට පෙරය. ඒ, ජනාපධිති ආරක්ෂක අංශය නයිගර් ජනාපධිති මොහොමද් බාසූම් සහ ඇමැති මණ්ඩලය අත්අඩංගුවට ගනිමිනි. නයිගර් රාජ්‍යයේ සිදුවුණු 7 වැනි හමුදා කුමන්ත්‍රණය මෙය යැයි පැවැසෙයි.
නයිගර් ජනාපධිති මොහොමද් බාසූම් බලයෙන් නෙරපා දැමීමත්, හමුදාව රටේ බලය අල්ලා ගැනීමත් රුසියාවේ අනුදැනුම යටතේ සිදුවූවක් යැයි චෝදනා කරන්නේ මිහයිලෝ පොඩෝලික්ය. මොහු රුසියන් ජනාපධිතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd