IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චීනයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්

චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවර අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ 31,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවරට මිලිමීටර 140.7 ක වර්ෂාවක් පතිත විය. එය මේ වසරේ ලැබුණු වැඩිම වර්ෂාපතනය බව ද චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘ඩොක්සුරි’ සුළි කුණාටුව වසර ගණනාවකට පසු චීනයට බලපෑ ප්‍රබලතම කුණාටුවක් වන අතර, එහි වේගය පැයට කිලෝමීටර 175 ක් බව ද පැවැසෙයි.

මේ අතර චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ තවත් සුළි කුණාටුවක් ද චීනයට දෙසට ළඟාවෙමින් පවතින බවය.

‘ඩොක්සුරි’ සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය පසු කරමිනි. සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ 39 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි.



අදහස් (0)

චීනයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site