
නයිගර් ජනාධිපති මොහොමද් බසූම් බලයෙන් පහ කළ බව, එරට හමුදාව පවසයි. නයිගර් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් සහ තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මෙසේ පැවැසුවේ, එරට රාජ්‍ය රූපවාහිනියට ගොස් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
රටේ ආරක්ෂාව පිරිහෙමින් පවතින බැවින්, පවතින පාලනය අවසන් කිරීමට තමන් පියවර ගත්තේ යැයි හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
හමුදා කුමන්ත්‍රණය ආරම්භ වූයේ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ජනාධිපති මොහොමද් බසූම් සහ මැති ඇමැතිවරුන් නිවාස අඩස්සියට ගැනීමෙන් පසුවය. ජනාධිපති ආරක්ෂක අංශයේ සහාය හමුදාවට හිමිවුණු බව පැවැසෙයි.
තමන් කුමන්ත්‍රණය කර බලය අල්ලා ගත්තේ කිසිදු ලේ වැගිරීමකින් තොරව බවත්, බටහිර රටවල් මෙම කුමන්ත්‍රණයට මැදිහත් වීමෙන් වැලැකී සිටින ලෙසත් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් පවසා තිබේ.
නයිගර් යනු බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. ඊසාන දෙසින් ලිබියාවට, නැගෙනහිරින් චැඞ් රාජ්‍යයට, දකුණු දෙසින් නයිජීරියාවට, බටහිරින් මාලි රාජ්‍යයට, නිරිත දෙසින් බෙනින් සහ බුර්කිනා ෆාසෝ යන රාජ්‍යවලට ද මැදිව නයිගර් පිහිටා ඇත. නයිගර් රාජ්‍යයේ අගනුවර නියාමේය.
එරට ජනගහනය මිලියන 25 කි. නයිගර් රාජ්‍යය අතීතයේ ප්‍රංශ යටත් විජිතයක් විය. නයිගර් රාජ්‍යයේ නිල භාෂාව ප්‍රංශය.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිගර් ජනපති ධුරයෙන් නෙරපයි: හමුදාව බලය අල්ලයි