ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය.
ට්‍රම්ප් ජනාපධිති ධුරය හෙබවූයේ එක් ධුර කාලයක් පමණි. ඔහු වත්මන් ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි.
එදා තමන් පරාජය වූ බව ට්‍රම්ප් පිළිගත්තේ නැත.
ට්‍රම්ප් සිය රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් ‘උසි ගන්වමින්’ වොෂින්ටන් අගනුවරට කඩා වැදීමට සැලැස්වූයේ ද එම අවස්ථාවේදීය.
එම ‘උසිගැන්වීමේ’ සිද්ධිය සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ට වෙනම චෝදනා එල්ල වී ඇත.
ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන්නේ විශේෂ නීතීඥවරයකු වන ජැක් ස්මිත්ය.
ජැක් ස්මිත් පිටු 45 කින් යුත් අධි චෝදනා පත්‍රයක් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ දී පැවැත්වීමට නියමිතය. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.
එල්ල වන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට තමන් ගන්නා උත්සාහය වැළැක්වීමට ප්‍රතිවාදීන් උත්සාහ කරන බවය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක්
ගජමිතුරු Wednesday, 02 August 2023 05:16 AM
ලංකාවේ 2010 ඔහොම වුණා කියලා ඒ කාලයේ අහන්න ලැබුණා... ඒත් ලංකාවේ ඇමරිකාවේ වගේ වෙන්නේ නැහැනේ..
ravin Wednesday, 02 August 2023 08:23 AM
පිස්සන්ගේ රටේ තවත් පිස්සෙක්