ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර, සුපිරි වෙළෙඳ සංකිර්ණ ගොඩනැගිල්ලක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු 9 ක් තුවාල ලැබූහ. 07 May 2023
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්රචණ්ඩ ක්‍රියා ඉන්දියාවේ වයඹදෙසින් පිහිටි මනිපූර් ප්‍රාන්තයේ ප්රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමක් වාර්තා වේ. ඒ ග්‍රෝතික කණ්ඩායම් දෙකක් අතර වාර්ගික ගැටුම් ඇවිලීමත් සමඟය. 07 May 2023
රුසියන් මිසයිල බිම දමයි යුක්රේන හමුදාව රුසියාවේ හයිපර්සොනික් මිසයිලවලට පහර දී විනාශ කර තිබේ. යුක්රේන හමුදා මෙසේ රුසියාවෙන් ආ හයිපර්සොනික් මිසයිල විනාශ කර ඇත්තේ ඇමෙරිකාවෙන් ලැබුණු පේටි්රයොටික් මිසයිල ආරක්ෂක පද්ධති උපයෝගී කර ගනිමිනි. 07 May 2023
විරෝධය දැක්වූ 51 ක් අත්අඩංගුවට චාල්ස් රජුගේ රාජාභිෂේකයට විරෝධය පළ කරමින්, විරෝධතා රැලි පැවැත්වීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය වැසියන් 51 දෙනකු ලන්ඩන් පොලිසිය විසින් අඩංගුවට ගනු ලැබුණි. 07 May 2023
ප්‍රංශ ජනපතිගෙන් ඇරැයුමක් ප්‍රංශ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එය බැස්ටීල් දිනය ලෙස ද සැලකෙයි. 06 May 2023
ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ ’කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ලෝකයට තර්ජනයක් වන නමුත්, එය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 06 May 2023
චාල්ස් රජුගේ රාජාභිෂේකය ඇරැඹේ තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේක මංගල්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත. දහස් සංඛ්‍යාත ජන හරසර මැද ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී රාජභිෂේක මංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ ලෝක නායකයන් ඇතුලු ආරාධිත අමුත්තන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි. 06 May 2023
ගුරුවරු 7 ක් මරා දමලා වයඹදිග පාකිස්තානයේ පරාචිනාර් පළාතේ ගම්මානවල සිදුවුණු වෙඩි තැබීම්වලින් ගුරුවරුන් 7 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 05 May 2023
පාකිස්තාන විදෙස් ඇමැති ඉන්දියාවේ පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවිල් බූතෝ සර්දාරි, ඉන්දියාවේ ගෝව බලා පැමිණියේය. පාකිස්තාන විදේශ අමාත්‍යවරයකු මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර 12 කට පසු වීම විශේෂත්වයකි. 05 May 2023
තමන්ගෙම ඩ්‍රෝන යානයක් පිස්සු නටලා යුක්රේන හමුදාව, ඔවුන්ට අයත් ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව පවසයි. 05 May 2023
සර්බියාවේ වෙඩි තැබීමක් දකුණු සර්බියාවේ, ම්ලැඩෙනොවික් නමැති නගරයට නුදුරින් සිදුවුණු වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 13 ක් බව පැවැසෙයි. 05 May 2023
වතිකානයේ සාමසැලැස්ම ගැන දන්නේ නෑ රුසියානු යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට වතිකානය සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පැවැසුවත්, තමන් එවැනි සාම සැලැස්මක් ගැන කිසිවක් නොදන්නා බව රුසියාව පැහැදිලි කර තිබේ. 04 May 2023
ඩ්‍රෝන ප්‍රහාරයට සම්බන්ධ නෑ - ඇමෙරිකාව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ගනිමින් ක්‍රෙම්ලීනයට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය පසුපස ඇමෙරිකාව සිටින බවට එල්ල වන චෝදනා ඇමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. 04 May 2023
සෙලන්ස්කී ෆින්ලන්තයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ෆින්ලන්තයට පැමිණියේය. ඒ, ෆින්ලන්තයේ පැවැත්වෙන රාජ්‍ය නායක හමුවකට සහභාගී වීමටය. 03 May 2023
ඇමෙරිකාවෙන් මිලියන 300 ක ආධාර ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක තවත් හමුදා ආධාර තොගයක් යුක්රේනයට ලබා දීමට සූදානම් වෙයි. 03 May 2023
සර්බියාවේ පාසලක වෙඩි තැබීමක් සර්බියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් දරුවන් 8 දෙනකු සහ ආරක්ෂක අංශ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 03 May 2023
රුවන්ඩාවේ හදිසි ජල ගැලීම් මහ වැසි සමඟ බටහිර රුවන්ඩාවේ හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඒරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 03 May 2023
තලේබාන් ඇමැතිට ආරක්ෂක මණ්ඩලයේ අවසර ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ සබඳතා අමාත්‍ය මෞලවි අමීර් ඛාන් මුටාකීට පාකිස්තානය බලා යෑමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 03 May 2023
වතිකානයෙන් සාම සැලැස්මක් රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට වතිකානය ද නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති. 02 May 2023
අගමැති අපේක්ෂිකාව අම්මා කෙනෙක් වෙලා තායිලන්ත මහ මැතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂිකාවක වන්නේ පෙටොංග්ට්රාන් ෂිනවාත්‍රාය. 02 May 2023
ලක්ෂ අටක් සුඩානය හැර යති සුඩාන හමුදා පාලකයන් සහ හමුදා පාලනයට අභියෝග කරන අතිරේක සන්නද්ධ බලඇණියේ සාමාජිකයන් අතර ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. 02 May 2023
පිලිපීන ජනපති ඇමෙරිකාවේ ඇමෙරිකා සංචාරයක නියැලෙන පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය. 02 May 2023
මාධ්‍ය අසත්‍ය පුවත් පළ කරනවා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරය පැතිරවීමේ අරමුණින් මාධ්‍ය ආයතන අසත්‍ය ප්රවෘත්ති පළ කරන බවට ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා චෝදනා කළේ ය. 02 May 2023
මාධ්‍ය ආයතන දෙකක ට්විටර් ගිණුම් අත්හිටුවයි ඉන්දියාවේ මාධ්‍ය ආයතන දෙකක ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබූ පසුව නැවත ස්ථාපිත කර ඇත. 02 May 2023
දස දහස් ගණනින් මැකාවු එයි ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුවේ දී, ලොව විශාලතම සූදු පොළ යනුවෙන් හැඳින්වෙන මැකාවු දූපත් වෙත චීන වැසියන් දහස් ගණනක් පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 02 May 2023
පාකිස්තාන හමුදාපති චීන සංචාරයක පාකිස්තාන හමුදාපති ජනරාල් අසීම් මුනීර් සිවුදින සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. ජනරාල් අසීම් මුනීර්ගේ මෙම සංචාරයේ අරමුණ චීනය සහ පාකිස්තානය අතරේ පවතින ආරක්ෂක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. 27 April 2023
ජපන් සමාගමක් සඳට යැවූ යානය අක්‍රිය වෙලා ජපානයේ ‘ස්ටාර්ට් අප් ඉස්ස්පේස්’ නමැති සමාගම සඳට යානයක් යැවූ නමුත් එය අසාර්ථක වී තිබේ. පෞද්ගලික සමාගමක්, අභ්‍යවකාශ යානයක් සඳට යැවීමට තැත් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 27 April 2023
චීනයේ සාම සැලැස්ම අවතක්සේරු කන්න එපා රුසියන් යුක්රේන අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී, සකස් කළ සාම වැඩපිළිවෙළ අවතක්සේරු නොකරන්නැයි රුසියාව යුක්රේන රජයට දන්වා ඇත. 27 April 2023
ජනපති බයිඩන් කොරියන් ජනපති හමුවෙයි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. 27 April 2023
රසායනාගාරයක් කැරැලිකාර හමුදා ග්‍රහණයට ජීව විද්‍යාත්මක අවි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත රසායනාගාරයක් සුඩානයේ බලය අල්ලා ගැනීමට සටන් කරන කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ ග්‍රහණයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 April 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026