බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුනේ ආරක්ෂාව තර කෙරුණි.
අයිෆල් කුලුන ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලොව ප්‍රසිද්ධ අයිෆල් කුලුන නැරැඹීමට වසරකට මිලියන ගණනක් දෙනා පැමිණෙති. පසුගිය වසරේ පැමිණි නරඹන්නන් ගණන මිලියන 6.2 ක් යැයි පැවැසෙයි.
බෝම්බ තර්ජනයත් සමඟ අයිෆල් කුලුන වහා හිස් කිරීමට කටයුතු කෙරුණු අතර ඉහළ මහල තුනක් වසා දැමුණි.
ඉන්පසු පැරිස් පොලිස් නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් වහා පැමිණ කුලුන පරීක්ෂා කළ බව ද පැවැසෙයි. අයිෆල් කුලුනේ ඉහළ මහලක අවන්හලක් ද ඇත.
කෙසේ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ කුලුනේ තිබී සොයා ගැණුනේ නැත.
අයිෆල් කුලුන ඉදිකිරිම ඇරැඹුණේ 1887 ජනවාරියේය. ඉදිකිරීම් අවසන් වූයේ 1889 මාර්තු 11 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd