
පාකිස්තනය සහ ඉන්දියාව නිදහස සමරයි. පාකිස්තානය ඊයේ (14) සැමරුවේ 76 වැනි නිදහස් දිනය වන අතර, ඉන්දියාව අද (15) සමරන්නේ 77 වැනි නිදහස් දිනයයි.
පාකිස්තානයේ ඉස්ලාමාබාද්, කරච්චි ඇතුළු නගර කීපයක නිදහස් දින සැමරුම් පැවැත්විණි. පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී ජනාධිපති මන්දිරයේ දී පාකිස්තාන ධජය ඔසවමින් නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ කළේය.
ඉන්දියාව අද (15) ඉතා උත්කර්ෂවත් අන්දමින්, ඔවුන්ගේ නිදහස් දින සැමරුම් පැවැත්වීය. ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව කේන්ද්‍රකොට ගනිමිනි.
ඊට විශේෂ ආරක්ෂාවක් ද යෙදවිණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක අංශ සාමාජිකයන් 10,000 ක් ආරක්ෂාවට යෙදවුණු බවය.
නිදහස් දින සැමරුමට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතුවේය.
ඒ සඳහා ගතවුණු කාලය මිනිත්තු 90 කි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වැඩිම කාලයක් ගත කරමින් නිදහස් දින උළෙලකදී ජාතිය ඇමතූ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තානය - ඉන්දියාව නිදහස සමරයි