
නයිජර් හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මාලි රටේ හමුදා නායක කර්නල් අසීමි ගොයිතා සමඟ දුරතකතනයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් නයිජර් රටේ හමුදා කුමන්ත්‍රණයට මැදිහත් වීමට සූදානම් බවත්, රටේ හටගත් අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගැනීමට තමන් නයිජර් හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන බවත් රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
බටහිර අප්‍රිකාවට අයත් නයිජර් සහ මාලි අතීතයේ ප්‍රංශයේ පටත් විජිතය. මාලි යනු නයිජර් රටේ අසල්වැසියන්ගෙන් කෙනෙකි. අද නයිජර් රටේ පමණක් නොව, මාලි රටේ ද බලය අල්ලා ගෙන සිටින්නේ හමුදාවය. මාලි රටේ අර්බුදයට ද සාමකාමී විසඳුම් අවශ්‍ය බව ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ.
ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් චෝදනා කර ඇත්තේ නයිජර් සහ මාලි රටවල හමුදා කුමන්ත්‍රණ පසුපස සිටින්නේ රුසියාව බවය. නයිජර් රටේ ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා කඳවුරු පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd