උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට හමුදාපති පාක් සුල් ඉල් ධුරයෙන් නෙරපා දමා, යුද්ධයකට සූදානම් වෙන්නැයි හමුදාවට පවසා තිබේ.

ඊට අමතරව, මිසයිල ඇතුළු ආයුධ නිෂ්පාදන කටයුතු තව තවත් වැඩි කරන්නැයි, දිගටම යුද අභ්‍යාස පවත්වන්නැයි ද නායක කිම් ජොන් උන් උපදෙස් දී ඇත.

පාක් සුල් ඉල් වෙනුවට, ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන ජනරාල් රී යුංග් ගිල් හමුදාපති ධුරයට පත් කරනු ඇතැයි උතුරු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. උතුරු කොරියා නායකයා පාක් සුල් ඉල් ධුරයෙන් නෙරපා දැම්මේ ඇයිදැයි තහවුරු වී නැත.