දකුණු අප්‍රිකානු හමුදාපති රුසියාවේ මොස්කව් නුවරට දකුණු අප්‍රිකා හමුදාපති ප්රමුඛ එරට ජාතික ආරක්ෂක බලඇණියේ හමුදා ප්‍රධානීන් කණ්ඩායමක් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බව රුසියානු රජය පවසයි. 16 May 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ෆාමින්ටන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 16 May 2023
ඇල්බර්ටා ප්‍රාන්තයේ ළැව් ගිනි දරුණු වෙයි කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පැතිරෙන ළැව් ගිනි දරුණු වෙමින් පවතී. ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කර ඇත. 16 May 2023
පරිනීතිගේ විවාහ ගිවිස ගැනීම බොලිවුඩ් සුරූපිනී පරිනීති චොප්රා සහ රාඝව් චාදාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදුවිය. රාඝව් චාදා සිනමා ක්ෂේත්රයට සම්බන්ධ අයකු නොවන අතර ඔහු ‘ආම් ආද්මී’ දේශපාලන පක්ෂයේ තරුණ නායකයෙකි. 15 May 2023
ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දෙනවා රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දැක්වීමට ජර්මනිය සූදානමින් සිටින බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැවැසුවේය. 15 May 2023
විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරියෙන් තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර, එරට ප්‍රගතශීලී විපක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු ‘පෙරමුණ පක්ෂය’ සහ ‘පූ තායි’ පක්ෂය ඉදිරියට පැමිණ සිටින බව වාර්තා වේ. 15 May 2023
නිදහස ලැබූ ඉම්රාන් ආපසු නිවසට දින දෙකක් රිමාන්ඩ් භාරයේ සිට නිදහස ලැබූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර සිය නිවස බලා පැමිණියේය. 14 May 2023
චාල්ස් රජු හමුවුණු විදෙස් ඇමැතිට විරෝධයක් පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය ජස්ටින් ටකැචෙන්කෝ ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 May 2023
කර්ණාටක මැතිවරණය: මෝදි පරදී: රාහුල්ට ජය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැලකෙන, රාහුල් ගාන්ධිගේ ‘කොංග්රස්’ පක්ෂයට නතු විය. 14 May 2023
හිටපු අගමැති තක්ෂින්ගේ දියණියත් අගමැති සටනට තායිලන්ත මහ මැතිවරණය පැවැත්විණි. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 ට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අරමුණින්ය. 14 May 2023
යුක්රේන ජනපති වතිකානයට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් අ පැවැත්වීමට නියමිතය. 12 May 2023
ඇමෙරිකාවේ ‘කොවිඩ්’ හදිසි තත්ත්වය ඉවතට වසර 3 ක් සහ දින 100 කට පසු,‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ පැවැති මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. 12 May 2023
‘ට්විටර්’ සමාගමට නව ප්‍රධානියෙක් තම ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්, එම ධුරයට ලින්ඩා යකැරිනෝ පත් කළ බවත් ‘ටිවිටර්’ සමාගම මිලට ගෙන සිටින බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසා තිබේ. 12 May 2023
තමන්ගේ ජීවිතයට තර්ජනයක් තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවත්, මසූද් චප්රාසි අත්වුණු ඉරණම තමන්ට ද අත්විඳීමට සිදුවනු ඇති බවත් රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන ඉම්රාන් ඛාන් සිය නීතීඥවරුන් හරහා මාධ්‍ය වෙත දන්වා ඇත. 11 May 2023
ප්රචණ්ඩ ක්‍රියා කරන්නේ ත්රස්තවාදීන් පාකිස්තානයේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ මේ වනවිට විරෝධතා පැවැත්වෙයි. ඒ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමත් සමඟය. 11 May 2023
අගමැති නිවසට ප්‍රහාරයක් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පිරිසක්, ලාහෝර් නුවර පිහිටි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නිවසට කඩා වැදී පහර දුන්හ. 11 May 2023
ධුරයට සමුදෙන ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන තමන්, තම විවාහ ජීවිතයෙන් ද සමුගැනීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් සිය ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ. 11 May 2023
පැපුවා නිව්ගිනියා යන්න ජනපති බයිඩන් සැරැසෙයි පැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇමෙරිකන් ජනාධිපතිවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 May 2023
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණය ආරම්භ විය. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂයට යළිත් වරක් බලය තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 10 May 2023
පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා රැළි පැවැත්වෙයි. විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. 10 May 2023
අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි මීට වසර 33 කට පෙර, මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වූ අතර, නිව්යෝක් අධිකරණයක් හමුවේ ට්‍රම්ප් එම චෝදනාවලට වරදකරු විය. 10 May 2023
චාල්ස් රජුගේ නිල ඡායාරූපය රාජාභිෂේකයෙන් පසු තෙවැනි චාල්ස් රජුගේ නිල ඡායාරූපය බකිංහැම් මාලිගය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. 09 May 2023
රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක් රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 09 May 2023
කසක්ස්තානයේ හමුදා ශක්තිය වැඩි කරනවා මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කසක්ස්තානයේ හමුදා ශක්තිය වැඩි දිරීමට තමන් පූර්ණ සහාය ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 09 May 2023
ඇමෙරිකා පාසලක වෙඩි තැබීමකින් 4 ක් රෝහලේ ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ද්විතීක පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. 09 May 2023
පේරු රන් ආකරයක ගින්නක් 27 ක් මරුට ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රන් ආකරයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පතල් සේවකයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 08 May 2023
බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩාවදී ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්ස්විල් නමැති දේශසීමා නගරයේ බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි. 08 May 2023
ඉන්දියාවේ බෝට්ටු අනතුරිකින් 21 න් මරුට ඉන්දියාවේ, දකුණු කේරළ ප්‍රාන්තයේ, මලප්පුරාම් දිස්ත්‍රික්කයේ, සිදුවුණු සංචාරක බෝට්ටු අනතුරකින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 08 May 2023
ඇෆ්ගන්-චීන සාකච්ඡා ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් සහ චීන රජයේ නියෝජිතයන් අතර හමුවක් පාකිස්තානයේ දී පැවැත්විණි. ඒ, පාකිස්තාන රජයේ මැදිහත් වීමෙනි. 07 May 2023
ජපාන අගමැති දකුණු කොරියාවේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ, නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියහ. 07 May 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026