
රුසියන් හමුදා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට, ‘එෆ්.16’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලබා දීමට නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය තීරණය කර තිබේ.
නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සිය සතුට පළ කරමින් පවසා ඇත්තේ එය ඓතිහාසික තීරණයක් බවය.
යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. යුක්රේන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ද සෝවියට් දේශය පැවැති සමයේ භාවිතයට ගත් ඒවාය. ඒ අනුව, එෆ්.16 ප්‍රහාරක යානාවලින් යුක්රේන ගුවන් හමුදාව ශක්තිමත් වීම රුසියාවට බරපතල තර්ජනයක් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd