ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවර භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසය.
බොගෝටා අගනුවර නිවාස සහ ගොඩනැගිලි දෙදරා යද්දී, නගර වැසියෝ මහත් සේ බියට පත්වූහ. භූමි කම්පාවත් සමඟ එක් මරණයක් වාර්තා විය.
මියගියේ කාන්තාවකි. භූමි කම්පාව සිදුවෙද්දී ඇය මහල් නිවාස ගොඩනැගිල්ලක සිටි බවත්, භූමි කම්පාවත් සමඟ එම ගොඩනැගිල්ල කඩා වැටේවි යැයි බිය වී, ඇය ගොඩනැගිල්ලෙන් බිමට පැන්න බවත් මාධ්‍ය වාර්තා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd