
දශක පහකට වැඩි කාලයක්, ඇමෙරිකව් මින් මැදුරක ජීවත් වුණු 'ලොලිටා' නමැති කිලර්වේල් තල්මසා මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
'ලොලිටා' ගැහැනු සත්වයෙකි. ඇය පසුගිය වසර 50 තුළ ජීවත් වූයේ මියාමි නුවර සාගර මින්මැදුරේ කුඩා ටැංකියකය. විවිධ සංදර්ශනවලට එක්වෙමින් නරඹන්නන් සතුටු කිරීම ලොල්ටාගේ දෛනික රාජකාරියක් වූ බව පැවැසෙයි.
'ලොලිටා' මියගියේ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් වකුගඩු අක්‍රිය වීමෙන් යැයි වෛද්‍යවරු පවසති.
'ලොලිටා' මුහුදට නිදහස් කර යැවීමට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් පසුගිය කාලයේ දැඩි පරිශ්‍රමයක යෙදුණු අතර එයට ද යහපත් ප්‍රතිචාර ලැබුණි.
මින් මැදුරේ බලධාරීන් පැවැසුවේ, පසුගිය මාස කීපය තිස්සේ යළි මුහුදට යැවීමට 'ලොලිටා' ට අවශ්‍ය පුහුණුව ලබා දුන් බවය.
වසර ගණනක් මින්මැදුරක කොටුවුණු සත්වයකු මුහුදට යැවීමට පෙර ඒ සඳහා එම සත්වයා පුරුදු පුහුණු කළ යුතුවෙයි.
'ලොලිටා' සහ තවත් කිලර්වේල් තල්මසුන් හය දෙනකු අල්ලා ගත් බව පැවැසෙන්නේ 1970 වසරේදීය. එදා සිට 'ලොලිටා' සිටියේ හුදෙකලාව, මින් මැදුරේ කුඩා ටැංකියට කොටුවෙමිනි.
ක්ෂීරපායීන් වන 'කිලර්වේල්' තල්මසුන් 'ඕකා' යනුවෙන් ද හැඳින්වෙයි.
2025 නොවැම්බර් මස 04
189
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මින්මැදුරේ ටැංකියක සිරවුණු ’ලොලිටා’ සමුගනී