
සඳේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමේ සූදානමින්, සඳේ කක්ෂයට පිවිස සිටින ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, ආරක්ෂිතව සඳ මතට ගොඩ බෑමට සුදුසු ස්ථානයක් සොයා බලමින් සිටින බව වාර්තා වේ.
සඳට ගොඩබාන ‘චන්ද්‍රයාන් 3’ යානය නම් කර ඇත්තේ ‘වික්‍රම්’ යනුවෙනි. ‘වික්‍රම්’ යානය තුළ ‘ප්‍රාග්යාන්’ යනුවෙන් රෝබෝ රෝවර් යානයක් ද අන්තර්ගතය.
සඳේ කක්ෂයට වී සිටින ‘චන්ද්‍රයාන් වික්‍රම්’ යානය සඳ මතුපිට ඡායාරූප ලබා ගනිමින් ඒවා ඉන්දියා විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වයි. එම ඡායාරූප හරහා සඳ මත ඇති ආවාට බොහොම පැහැදිලිව දකින්න ලැබේ.
යානය ගොඩබෑමට සුදුසු ස්ථානයක් තීරණය කිරීම සිදුවන්නේ එම ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් පසුව යැයි ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd