
දූෂණ චෝදනාවලට වරදකරු වී, තායිලන්තයෙන් පලා ගොස් වසර 15 ක් විදේශගතව සිට, ආපසු සිය රට පැමිණි අවස්ථාවේ, අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා, බැංකොක් අගනුවර පොලිස් රෝහලට මාරු කෙරුණි.
තායිලන්ත බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ, අධික රුධිර පීඩනය ඉහළ යෑම සහ සහ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ යෑම හේතුවෙන් 74 හැවිරිදි තක්ෂින් ෂිනවාත්‍රා, රෝහල් ගත කළ බවය.
ඩුබායි සිට සිය පෞද්ගලික ගුවන් යානයෙන් බැංකොක් අගනුවර, ‘ඩොං මුවෙන්ග්’ ගුවන්තොටුපොළ බලා පැමිණ, තක්ෂින් ෂිනවාත්‍රා, ගුවන් යානයෙන් පිටතට ආ සැණින්, අත්අඩංගුවට ගැනීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd