
‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීන ජනාධිපති ෂී ජින්පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර සමුළුවට සහභාගී වෙයි.
රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
දකුණු අප්‍රිකාවට පුටින් පැමිණියහොත්, ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බැවින්, පුටින් වෙනුවට සමුළුවට සහභාගී වන්නේ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්ය.
සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා තිබේ. ප්‍රධාන රටවල රාජ්‍ය නායකයන්ට අමතරව, විදෙස් නියෝජිතයන් 50 දෙනකු සමුළුවට සහභාගී වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd