
‘රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, හෙට (21) දිනයේ සඳට පතිත කිරීමට නියමිතය.
පසුගිය අගෝස්තු 11 වැනිදා, රුසියාවේ ‘සොයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට තල්ලු කෙරුණු ‘ලූනා 25’ යානය සඳුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 16 වැනිදාය.
සඳුගේ කක්ෂයට පිවිසි රොබෝ යානය, ගොඩබෑම සඳහා නියමිත පරිදි හැරවිම් කිරීම ඊයේ (19) සිදුවිය.
යානය එසේ හරවද්දී, දෝෂයක් හටගත් බව ‘රොස්කොස්මොස්’ ආයතනය නිවේදනය කළේය. රුසියන් විද්‍යාඥයන් පවසා ඇත්තේ යානය අවශ්‍ය පරිදි 'හැරවීම' සිදුනොවුණු බවය.
එසේ වුවත්, යානය සඳට පතිත කිරීමේ දී, මෙම දෝෂය බාධාවක් වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් ‘රොස්කොස්මොස්’ ආයතනය මේ වනතුරු කිසිවක් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd