මාසයක් තිස්සේ සුව නොවන කැස්සකින් තමන් පීඩා විඳිමින් සිටින බවත්, කැස්සට හේතුව ජකර්තා අගනුවර වායු දූෂණය යැයි තම වෛද්‍යවරුන් විශ්වාස කරන බවත්, ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
අද වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරයක් වී ඇත්තේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර යැයි පැවැසෙයි.
දිනපතා ශ්වසන ආබාධ හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් ඇතුළු බොහෝ දෙනකු රෝහල්ගත වන බව ඉන්දුනීසියා සෞඛ්‍ය අංශ පවසා තිබේ.
වායු දූෂණය අවම කිරීමට අගනුවරට පැමිණෙන මෝටර් රථ අඩු කිරීමටත්, කර්මාන්ත ශාලා කටයුතු සීමා කිරීමටත්, ඉදි කිරීම් දින කීපයකට නැවැත්වීමටත් ජකර්තා අගනුවර බලධාරීන් තීරණය කර ඇතැයි ද පැවැසෙයි.
නිවසින් බැහැර වන්නේ නම් හැකි තරම් මුහුණු ආවරණ පලඳින්නැයි වෛද්‍යවරුන් ජකර්තා වැසියන්ට උපදෙස් දී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දුනිසියා ජනපතිට කැස්ස