
පාකිස්තාන ෆෙඩරල් පර්යේෂණ අංශ නිලධාරීන්, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉම්රාන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඉම්රාන් සතුව ඇතියි කියන හඩ පටයක් සහ ලියුමක් සම්බන්ධයෙනි.
තමන් ධුරයෙන් නෙරපා දමා තම රජය පෙරළීමේ කුමන්ත්‍රණය පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි ඉම්රාන් දිගින් දිගටම චෝදනා කර ඇත. ඒ බව ඔප්පු කිරීමට ලිපියක් සහ හඩ පටයක් තමන් සතු බව ද ඉම්රාන් ප්‍රසිද්ධියේ පවසා තිබේ.
පාකිස්තාන ෆෙඩරල් පර්යේෂණ අංශ නිලධාරීන් අටොක් බන්ධනාගාරයට ගොස් ඉම්රාන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ මේ සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd