
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට 'පූ තායි' පක්ෂයේ නායකයකු වන කෝටිපති ව්‍යාපාරික, 60 හැවිරිදි ස්රේතා තවිසින් තෝරා ගැනුණි.
ස්රේතා තවිසින් අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ඡන්දයේ දී පාර්ලිමේන්තු සාමාජිකයන් 747 දෙනාගෙන් 482 දෙනකු ස්රේතා තවිසින් ට පක්ෂව ඡන්දය ලබා දුන්නේ යැයි පැවැසෙයි.
පසුගියදා පැවැත්වුණු තායිලන්ත මහ මැතිවරණයේ දී ‘පූතායි’ පක්ෂයට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ බහුතරය දිනා ගැනීසට නොහැකි වූ බැවින් රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය.
කෙසේ හෝ අවසානයේ ‘පූතායි’ පක්ෂය තවත් දේශපාලන පක්ෂ 10 ක් හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට සමත් වී ඇත. එම පක්ෂ අතරේ තායිලන්ත හමුදාවට සහාය දෙන පක්ෂ දෙකක් ද ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සා ලෙස ‘පූතායි’ පක්ෂය නම් කළේ ස්රේතා තවිසින් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd