IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තායිලන්තයේ නව අගමැති ස්රේතා තවිසින්

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට 'පූ තායි' පක්ෂයේ නායකයකු වන කෝටිපති ව්‍යාපාරික, 60 හැවිරිදි ස්රේතා තවිසින් තෝරා ගැනුණි.

ස්රේතා තවිසින් අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ඡන්දයේ දී පාර්ලිමේන්තු සාමාජිකයන් 747 දෙනාගෙන් 482 දෙනකු ස්රේතා තවිසින් ට පක්ෂව ඡන්දය ලබා දුන්නේ යැයි පැවැසෙයි.

පසුගියදා පැවැත්වුණු තායිලන්ත මහ මැතිවරණයේ දී ‘පූතායි’ පක්ෂයට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ බහුතරය දිනා ගැනීසට නොහැකි වූ බැවින් රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය.

කෙසේ හෝ අවසානයේ ‘පූතායි’ පක්ෂය තවත් දේශපාලන පක්ෂ 10 ක් හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට සමත් වී ඇත. එම පක්ෂ අතරේ තායිලන්ත හමුදාවට සහාය දෙන පක්ෂ දෙකක් ද ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සා ලෙස ‘පූතායි’ පක්ෂය නම් කළේ ස්රේතා තවිසින් ය.



අදහස් (0)

තායිලන්තයේ නව අගමැති ස්රේතා තවිසින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site