රුසියන් අගමැති චීනයේ රුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට පැමිණියේය. රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නියෝජනය කරමින්, චීනය සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම් කීපයකට අත්සන් තැබීමටය. 23 May 2023
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත. 22 May 2023
දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක් දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක් පැතිරෙන බවත්, මේ වනවිටත් 10 දෙනකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. කොළරා වසංගතය පැතිරෙන්නේ ගුටෙන්ග් පළාතේය. 22 May 2023
ප්‍රංශ නගරයක වෙඩි තැබීමක් ප්‍රංශයේ මාසෙල් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීමෙන් මියගියේ මෝටර් රථයක් තුළ සිටි තිදෙනෙකි. 22 May 2023
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරයි ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇති බැවින්, කැටලිනා දූපතේ ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට බලධාරීහු පියවර ගත්හ. 22 May 2023
ග්‍රීක මහ මැතිවරණයෙන් අගමැති කිරියාකෝස්ට ජය ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ග්‍රීසියේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය කිරියාකෝස් මිට්සෝටාකීස් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ‘නව ප්රජාතන්ත්රවාදී’ පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළ බවය. 22 May 2023
බක්මුට් නගරය රුසියාව අල්ලා ගත්තේ නෑ රුසියානු හමුදා, වැග්නර් කුලී හේවායන්ගේ සහාය ඇතිව යුක්රේනයේ බක්මුට් නගරය අත්පත් කරගත් බවට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ප්‍රකාශය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. 22 May 2023
මෝදි පැපුවා නිව් ගිනියාවේ ජපානයේ හිරෝෂීමා නුවර ‘ජී7’ සමුළුවට, ආරාධිතයකු ලෙස සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආපසු ඉන්දියාව බලා යද්දී පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බි නුවරට ගොස් පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ හමුවිය. 22 May 2023
යුක්රේන ජනපති මෝදි හමුවෙයි ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි. 21 May 2023
යුක්රේන ජනපතිට ගුවන් යානයක් දුන්නේ ප්‍රංශය ජපානයේ ’ජී7’ සමුළුවට සහභාගී වීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජපානයේ හිරෝෂීමා නුවර බලා පැමිණියේ ප්‍රංශ හමුදා ගුවන් යානයකිනි. 21 May 2023
ජී7 සමුළුවට සෙලන්ස්කී එනවා ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති සෙලේන්ස්කී ද සහභාගී වනු ඇතැයි පැවැසෙයි. 19 May 2023
ඉතාලියේ ජල ගැලීම්: 13 ක් මරුට ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. 19 May 2023
පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. 19 May 2023
පෙෂවෝර් නුවර බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ පෙෂවෝර් නුවර බෝම්බයක් පුපුරා ගිය බවත් එයින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තිදෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. 19 May 2023
ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර් ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ. 19 May 2023
‘ජී7’ සමුළුව ජපානයේ ඇරැඹේ මෙවර ‘ජී7’ සමුළුව ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විණි. හමුව පැවැත්වූයේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙනි. හිරෝෂිමා යනු අග්‍රාමාත්‍ය කිෂිඩාගේ උපන් නගරයයි. සමුළුව 21 අවසන් වෙයි. 19 May 2023
දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ප්‍රකාශ කර ඇත. 18 May 2023
අගවිනිසුරුගේ වැටුප වැඩියි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලබා ගන්නා වැටුපට වඩා වැඩි බව ‘පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල්’ වෙබ් පුවත් අඩවිය වාර්තා කර තිබේ. 18 May 2023
චීනයේ සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, චීනය සකස් කළ සාම සැලැස්ම, තමන්ගේ අවධානයට යොමු වී ඇතැයි යුක්රේන රජය පවසයි. 18 May 2023
මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් චීනයේ ප්‍රධානත්වයෙන් එරට සියෑන් නගරයේ දී ආරම්භ විය. 18 May 2023
ටයිටැනික් නැව ත්‍රිමාන කරලා අයිස් කන්දක හැපී, ගිලුණු ටයිැනික් නැවේ සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පරිගණක ඇසුරින් නිර්මාණය කිරීමට බීබීසී සමාගම කටයුතු කර තිබේ. 18 May 2023
උතුරු කොරියා නායකයා චන්ද්‍රිකාව අධීක්ෂණයට යයි උතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී. 17 May 2023
ඕස්ට්‍රේලියාවේ පාසල් බස් රියක් අනතුරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට නුදුරින් පාසල් බස් රියක් අනතුරට ලක් වී පෙරැළී යෑමෙන් පාසල් දරු දැරියන් හත් දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 17 May 2023
ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් නයිජීරියාවේ ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටි රිය පෙරහරකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 17 May 2023
ඇමෙරිකාව බංකොලොත්? ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, එරට භාණ්ඩාගාරයේ ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාලක ඩිමොක්රටික් පක්ෂය සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර පවතින මත ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය. 17 May 2023
ඇෆ්ගන් වැසියන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට තුන්නෙන් දෙකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවත්, එය මහා මානුෂීය ඛේදවාචකයක් බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 17 May 2023
‘මෝඛා’ මියන්මාරයේ 81 දෙනෙක් බිලිගනී මියන්මාරය කැලඹූ ‘මෝඛා’ සුළි කුණාටුව හේතුවෙන් එරට මියගිය ගණන මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් තිබේ. 17 May 2023
චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ පෙරැළී 39 ක් අතුරුදන් චීන ධීවර යාත්‍රාවක් ඉන්දීය සාගරයේ අනතුරට පත් වුණු බවත්, එහි සිටි 39 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 17 May 2023
මහාරාෂ්ටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහවහා යන ලකුණු ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අකෝලා නගරයේ හටගත් ආගමික ගැටුම්වලට දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ගැටුම් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වුණු ගණන 130 කකට වැඩිය. 17 May 2023
වෙලිංටන් නුවර නේවාසිකාගාරයක ගින්නක් වෙලිංටන් නුවර නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවත්, ගින්නට හසුවීමෙන් සය දෙනකු මියගිය බවත් තවත් බොහෝ දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 16 May 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026