
රුසියාව, උතුරු කොරියාව සමඟ අයුධ ගනුදෙනුවකට සූදානම් වන බව ඇමෙරිකාව පවසයි. රුසියාවට ආයුධ විකුණුවොත්, දැඩි ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රජය උතුරු කොරියානු රජයට අනතුරු අඟවා තිබේ.
රුසියාව, උතුරු කොරියාව සමඟ අයුධ ගනුදෙනුවකට සූදානම් වන බව අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශ සාමාජිකයන් යැයි ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ඇමෙරිකන් රජය වෙනුවෙන් පවසා ඇත.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය. ඒ, බටහිර හිතවාදී යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා තිබේ. එම සම්බාධක හේතුවෙන් රුසියන් යුක්රේන යුද්ධයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීම රුසියාවට ගැටලුවක් වී ඇත. එහෙයින්, රුසියාව ඔවුන්ගේ මිතුරා වන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක්වුණු උතුරු කොරියාව ආයුධ නිෂ්පාදනයට යොමු වී සිටින අතර, රුසියානු රජය සහ උතුරු කොරියානු රජය ආයුධ ගනුදෙනුවකට සූදානම් වන බව ඇමෙරිකන් බුද්ධි අංශ පවසා තිබේ. උතුරු කොරියාව සතුව දිගු දුර මිසයිල ද තිබේ.
‘රුසියාව, උතුරු කොරියානු රජයෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වෙනවා. එම ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙනවා. අප උතුරු කොරියානු රජයෙන් ඉල්ලීමක් කරනවා රුසියාව සමඟ ආයුධ ගනුදෙනු කරන්න එපා. එසේ කළොත් උතුරු කොරියාවට බරපතල ඵලවිපාකවලට මුහුණ දෙන්න වේවි.” ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ඇමෙරිකන් රජය වෙනුවෙන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
රුසියන් යුක්රේන යුද්ධයේ අවසානයක් තවමත් දකින්න නැත. මේ වනවිට බටහිර හිතවාදී යුක්රේන රජයට බටහිර රටවලින් අවි ආයුධ පමණක් නොව මේවනවිට ප්‍රහාරක එෆ් 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ද ලැබී තිබේ.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව රුසියාවට ආයුධ විකුණන්න සූදානම් වෙනවා