ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් ලබන දෙවැනි දා හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. මෙම හිරු ගවේෂණ යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා එල් 1’ යන නමිනි.
ඉන්දියාව හිරු ගවේෂණයට යානයක් යවන පළමු අවස්ථාව මෙයයි. යානය සැප්තැම්බර් 2 වැනිදා දහවල් 11.50 ට උඩු ගුවනට යැවීමට නියමිත බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘ආධිත්‍යා එල් 1’ යානය හිරු අසලටම යන්නේ නැති බවත්, එය හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ රැඳවෙනු ඇති බවත් එහි සිට හිරු ගවේෂණ කටයුතු සිදු කරනු ඇති බවත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd