
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.
‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය.
‘ප්‍රාග්යාන්’ රෝවර් යානය වික්‍රම් යානයෙන් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ සඳ මතුපිට වීඩියෝ දසුන් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව වැනි අවංක දේශපාලනඥයන් සිටින රටක් ලැබූ මේ දියුණුව ගැන සතුටක් වගේම, අපේ රටේ දේශපාලුවන් ගැන හිතෙනා විට දුකක්ද හිතට දැනෙනවා. නූගත් මදාවි දේශපාලන පුතුන්ට රොකට් යැවීමට රටේ මුදල් වියදම් නොකොට ඒවා නිසි ලෙස යෙදුවා නම්, අද අපත් ඉන්දියාව මෙන් ලොව පුරා රටවල් අතර බැබලෙනවා. ඒ නාස්තිකාර පුතුන් මෙන්ම ඒ අයගේ දේශපාලන පවුලේ අය නිසා අද මේ රටේ ජනතාව ලෝකෙටම ණය පිට ණය වෙලා. බඩු මිල, බදු මිල, ලයිට් වතුර බිල් ඇතුළු සෑම දේම උහුලා ගන්න බැරි විදිහට අහස උසට වැඩිවෙලා. ජනතාව විඳිනා සැප ගැන කියන්න වචන නැහැ. ඒ සියල්ල වහන්න මුදල් දී සෑම අංශයකටම කුක්කන් යොදවලා. රටේ ජනතාව මේවා හොඳ සිහි බුද්ධියෙන් විමසා බලා පිළිගැනීමයි කළයුතු වන්නේ...