
‘බ්‍රික්ස්’ හවුල සමඟ එක් වීමට ලොව රටවල් 40 ක් පමණ උනන්දුවක් දක්වන බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය.
‘බ්‍රික්ස්’ හවුල පිහිටුවා ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන නැගී එන ආර්ථික බලවතුන්ගේ එකමුතුවෙනි.
‘බ්‍රික්ස්’ හවුලට එක්වීමට සෙසු රටවල් දක්වන උනන්දුව අගය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ‘බි්‍රක්ස්’ සමුළුව අමතමින් පැහැදිලි කළේය. මේ වනවිටත් රටවල් 20 ක් ‘බ්‍රික්ස්’ හවුලට එක් වීමට ඇයැදුම් කර ඇතැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd