
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර වෙළෙඳ ගොඩගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පනස් දෙදෙනකු මියගිය බවත්, 40 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවත් වාර්තා වේ.
ගින්න හටගත්තේ ජොහැන්නස්බර්ග් නුවර, වෙළෙඳ ගොඩනැගිලි බහුලව පිහිටි කලාපයේය. එහෙයින්, ගින්න පාලනය කර ගැනීම සඳහා ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වෙන බව බලධාරීහු පවසති. රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවය. තුවාල ලැබූ කීපදෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd