
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වුණු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින්ගේ මරණය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බවය. පුටින්ට අභියෝගයක් වූ බොහෝ දෙනකු මේ වනවිටත් මියගොස් ඇතැයි ද බයිඩන් පැහැදිලි කළේය.
‘සිදුවුණේ කුමක්දැයි මා හරිහැටි දන්නේ නැහැ. විස්තර කිසිවක් මා හට ලැබී නැහැ. නමුත් මෙවැනි දෙයක් සිදුවීම ගැන මා පුදුම වන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
‘වැග්නර්’ කුලී හේවායන් කුමන්ත්‍රණය කළ අවස්ථාවේ, රුසියන් රජය ඔවුන්ට චෝදනා කළේ ඇමෙරිකාවෙන් මුදල් ලබා ගෙන ඔවුන් රුසියන් රජයට එරෙහි වුණු බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඇමරිකාවෙන් මුදල් ලබාගෙන ඇති බවයි