IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘වැග්නර්’ ලොක්කා ගැන පුටින් අදහස් දක්වයි

‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ට සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය.

රූපවාහිනියෙන් පෙනී සිටිමින් පුටින් කියා සිටියේ, යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ සෙසු ‘වැග්නර්’ සාමාජිකයන් මියයෑම කනගාටුවට කරුණක් බවය. යෙව්ගෙනි ප්‍රිගොෂින්, වැරදි තීරණ ගත් කෙනකු බව ද පුටින් පැහැදිලි කළේය. ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කිරීමට ද ජනාධිපති පුටින් අමතක නොකළේය.

යෙව්ගෙනි ප්‍රිගොෂින්, කලක් පුටින්ගේ සමීපතමයෙකි. මීට මාස කීපයකට පෙර ඔහු පුටින්ට, රුසියානු රජයට සහ හමුදාවට අභියෝගයක් විය. ඒ, රුසියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරමිණි.

ගුවන් අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පුටින්ටය.

පුටින්, යෙව්ගෙනි ප්‍රිගොෂින් ඝාතනය කළේ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා අනුමාන කරයි.



අදහස් (7)

‘වැග්නර්’ ලොක්කා ගැන පුටින් අදහස් දක්වයි

Bamunuarachchi Friday, 25 August 2023 05:32 AM

හා හා නියමයි පුටින් මහත්තයෝ. මටත් පොඩි කාලෙම කියා දීපු දෙයක් තමයි තරහකාරයට ගහන්න ඕනේ නම් ඌ සමග යාලු වෙන්න කියලා.

:       6       6

Perakum Friday, 25 August 2023 06:42 AM

පුටින් මෙවැනි ප්‍රකාශයක් කලේ නැත්නම් තමයි පුදුම විය යුත්තේ. ඒත් ඔහුට එරෙහිව එල්ලවන චෝදනාවෙන් නිදහස්විය නොහැක. ඒ සදහා පුටින් කලයුත්තේ මේ සියලුදෙනා යානය බිමදමා දිවිනසාගත් බව ඔප්පු කිරීමයි.

:       5       7

Perera Friday, 25 August 2023 08:14 AM

රාජපක්ෂලා ආපහු බලයට ආවොත් ඔය ටිකම තමයි අනික් එවුන්ටත් වෙන්නේ

:       7       18

Bamunuarachchi Saturday, 26 August 2023 05:44 AM

පෙරේරා උන්නැහේ හොඳටම බය වෙලා. රාජපක්ෂලාට පලි ගන්න ඕනේ නම් බලයට එන්නම ඕනේ නැහැ. බලය පාවිච්චි කරනවා නම් ප්‍රේමදාසට වැඩි බලයක් ඝෝඨාභයට තිබුණා. අපි ඝෝටාට බලය දුන්නේත් හිට්ලර් විදිහට බලය පාවිච්චි කරන්න. නමුත් කළේ නැහැ... ඒකයි අපට තිබෙන ප්‍රශ්නය...

:       1       0

Perakum Saturday, 26 August 2023 06:59 AM

කවුද ඉතින් බලය දෙන්නේ.? ඒත් අපිම නේ. ඡන්ද දායකයා බුද්ධිමත්ව කටයුතු කොට ජඩ දේශපාලුවන් එලවා දැමීමට කටයුතු කළ යුතුයි…!

:       0       1

රට පෙරට Friday, 25 August 2023 11:05 AM

සතර අඅපායක් ගැන කියනකොට ඒවා තියෙන්නෙ කොහෙද කියලා අහන්න වෙනවා ඒත් හරියට සොයා බැලුවොත් ඒවා මේ පෘථිවිය තුලින් දකින්නට පුළුවන් දැන් බලන්න අපායේ ගින්නේ පිලිස්සෙනවා කියනවා ලෝකයේ බෝම්බ ගැහුවා නම් වෙන්නෙ මොකක්ද දැන් බලන්න ලංකාවෙ රිය අනතුරු වලින් දින පතා කොපමණ මිය යනවාද කී දෙනෙක් කපාකොටා මරණයට පත්කිරීම වෙනවාද අපායේත් මිනිස්සු කපනවා කොටනවා නේද අපායේ ප්‍රධානියා යම රජු යමපල්ලො ලවා කොපමණ පීඩාවට පත්කරනවාද බලන්න එහෙම බැලුවම අපාය තියෙන්නෙ මේ ලෝකයේ නේද

:       5       12

Gunawardena Friday, 25 August 2023 11:31 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා බුදුන් වදාරලා තිබෙනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 363 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site