IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජපානයත් සඳ අල්ලන්න යානයක් යවන්න හදයි

(ලුසිත ජයමාන්න)

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි.

ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි.

ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගන්නේ වසර ගණනක සිටය.

2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

පසුගිය මාසයේ ජපන් විද්‍යාඥයන් නව රොකට්ටුවක් අත්හදා බැලුවේය. එය අසාර්ථක වූයේ රොකට්ටුව පුපුරා යෑමෙනි.

විද්‍යාඥයන් සඳට යැවීමට සූදානම් වන්නේ මීටර් 2.4 ක් උස, මීටර් 2.7 ක් පළල, මීටර් 1.7 ක් දිග කිලෝ ග්‍රෑම් 700 ක් බර රොබෝ යානයකි.

ජපානයේ සුප්‍රකට සෙල්ලම් බඩු සමාගමක් සමඟ එක් වී ජපන් විද්‍යාඥයන් නිර්මාණය කළ කුඩා රෝවර් යානයක් ද ‘මූන් ස්නයිපර්’ චන්ද්‍රයානය තුළ ඇත.

සඳුගේ පස පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වෙයි.

‘මූන් ස්නයිපර්’ යානය උඩු ගුවනට තල්ලු කරන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරන බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අභ්‍යවකාශයට යැවෙන ‘මූන් ස්නයිපර්’ යානය යානය, පෘථිවි ගුරුත්ව බලය යොදා ගනිමින්, සඳ බලා යනු ඇත. ඒ සඳහා මාස කීපයක් ගත වනු ඇතැයි ජපාන විද්‍යාඥයෝ පැහැදිලි කරති.



අදහස් (3)

ජපානයත් සඳ අල්ලන්න යානයක් යවන්න හදයි

සල්ලි Monday, 28 August 2023 07:29 AM

ජපානයට ඔය වැඩේට ඩොලර් මිලියන කීයක් යයිද?

:       0       1

කිරිපතා Monday, 28 August 2023 09:40 AM

ඵල ප්‍රයෝජන කෙසේ වෙතත් දැන් තියෙන්නේ රටවල් අතර තරඟයක්. අන්තිමට හඳේ තාක්ෂණික අප ද්‍රව්‍ය ගොඩ ගැහෙයි. රටවල් හඳට අයිතිවාසිකම් කියාගෙන යුද්ධයකට සැරසෙයි.

:       1       3

ගමේ එකාලා Monday, 28 August 2023 04:19 PM

මැදමූලනේ චිචීට දැන්නුවා නම් එයත් එකක් යවයි. රටට ඇරපු අයට ඕවත් වැඩ නෙවෙයි..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 363 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site